Skip to content

පටුනට යන්න

44වෙනි පරිච්ඡේදය

අපේ යාළුවෝ දෙවිට ආදරේ කරන අය වෙන්න ඕනේ

අපේ යාළුවෝ දෙවිට ආදරේ කරන අය වෙන්න ඕනේ

අපි වැඩිපුර කතා කරන්න කැමති එකට කාලය ගත කරන්න කැමති අයට තමයි යාළුවන් කියලා කියන්නේ. හැබැයි අපි යාළුවන්ව තෝරගද්දී පරෙස්සම් වෙන්න ඕනේ. අපිට ඉන්න පුළුවන් හොඳම යාළුවා කවුද?— යෙහෝවා දෙවි.

ඇත්තටම දෙවිගේ යාළුවන් වෙන්න අපිට පුළුවන්ද?— මීට අවුරුදු ගාණකට කලින් ජීවත් වුණු ආබ්‍රහම්ව “යෙහෝවා දෙවිගේ මිත්‍රයා” විදිහට හඳුන්වලා තියෙනවා. (යාකොබ් 2:23) ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— බයිබලයේ තියෙන්නේ ආබ්‍රහම් දෙවිට කීකරු වුණා කියලයි. අමාරුම දෙයක් වුණත් කරන්න කියලා දෙවි කිව්වාම ආබ්‍රහම් ඒකට කීකරු වුණා. ඉතිං අපිත් යෙහෝවා දෙවිගේ යාළුවන් වෙන්න නම් අපිත් ආබ්‍රහම් වගේ දෙවිට කීකරු වෙන්න ඕනේ. යේසුත් ඒ දේ කළා.—උත්පත්ති 22:1-14; යොහන් 8:28, 29; හෙබ්‍රෙව් 11:8, 17-19.

ආබ්‍රහම්ව “යෙහෝවා දෙවිගේ මිත්‍රයා” විදිහට හැඳින්නුවේ ඇයි?

‘මං අණ කරන දේවල් ඔයාලා කරනවා නම් මං ඔයාලාව සලකන්නේ මගේ යාළුවන් විදිහටයි’ කියලා යේසුස් නියෝජිතයන්ට කිව්වා. (යොහන් 15:14) යේසුස් ඉගැන්නුවේ යෙහෝවා දෙවි කියපු දේවල්. ඒ නිසා යේසුස් ඇත්තටම කිව්වේ එයා යාළුවන් විදිහට තෝරගන්නේ දෙවි කියන දේ කරන අයව කියලයි. ඔව්, යේසුස් යාළුවන් විදිහට තෝරගත්තේ දෙවිට ආදරය කරපු අයව විතරයි.

මේ පොතේ 75වෙනි පිටුවේ පින්තූරයේ ඉන්න නියෝජිතයන් යේසුස්ගේ යාළුවන් අතරේ හිටියා. එයාලා යේසුස් එක්ක දේශනා සේවයේ හවුල් වුණා, ගමන්බිමන් ගියා, එකට කෑවා, දෙවි ගැන කතා වුණා. එයාලා තව දේවලුත් කළා. යේසුස් වැඩි කාලයක් ගත කළේ එයාලා එක්ක. යේසුස්ට තව යාළුවොත් හිටියා. යේසුස් එයාලා එක්ක කාලය ගත කළෙත් සතුටින්. සමහර දවස්වල එයාලාගේ ගෙවල්වලත් නතර වුණා.

බෙතානියේ හිටිය පවුලක් එක්ක නතර වෙන්න යේසුස් හුඟක් කැමති වුණා. ඔයාට ඒ අයව මතකද?— ඒ තමයි මරියා, මාර්තා සහ එයාලාගේ සහෝදරයා වුණු ලාසරුස්. යේසුස් ලාසරුස්ව හැඳින්නුවේ එයාගේ යාළුවෙක් විදිහට. (යොහන් 11:1, 5, 11) යේසුස් එයාලාත් එක්ක ඉන්න කැමති වුණේ එයාලා යෙහෝවා දෙවිට ආදරය කරමින් දෙවිට සේවය කරපු අය නිසයි.

යෙරුසලමට යන අතරතුරේදී යේසුස් හුඟක් අවස්ථාවලදී මේ පවුලත් එක්ක නතර වුණේ ඇයි? මේ අයගේ නම් ඔයා දන්නවාද?

දෙවිට සේවය කළේ නැති අයටත් යේසුස් කරුණාවන්තව සැලකුවා. යේසුස් ඒ අයගේ ගෙවල්වලට ගිහින් කෑම කෑවා. ඒ නිසා සමහර අය කිව්වා යේසුස් ‘බදු එකතු කරන්නන්ගේත් පව්කාරයන්ගේත් මිත්‍රයෙක්’ කියලා. (මතෙව් 11:19) යේසුස් ඒ අයගේ ගෙවල්වලට ගියේ එයාලා කරන වැඩ අනුමත කරපු නිසා නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවි ගැන කියලා දීලා ජීවිත වෙනස් කරගෙන දෙවිට සේවය කරන්න එයාලාට උදව් කරන්නයි.

සකෙවුස් මේ ගහට නැග්ගේ ඇයි?

දවසක් යේසුස් යෙරුසලමට යන අතරතුරේදී යෙරිකෝවේ වුණු දෙයක් බලමු. ඒ වෙලාවේ යේසුස්ව බලන්න ලොකු සෙනඟක් රැස් වෙලා හිටියා. ඒ අය අතරේ හිටිය සකෙවුස්ට යේසුස්ව බලන්න ආස හිතුණත් එයා මිටි නිසා යේසුස්ව දැකගන්න එයාට බැහැ. ඒ නිසා එයා කලින්ම ගිහින් යේසුස් එන පාරේ තිබුණු ගහකට නැග්ගා.

යේසුස් ඒ ගහ ළඟට ආවාම සකෙවුස්ට මෙහෙම කිව්වා. ‘ඉක්මනින් බිමට බැහැලා එන්න. මම අද ඔයාගේ ගෙදර එනවා.’ ධනවතෙක් වුණු සකෙවුස් හුඟක් වැරදි කරපු කෙනෙක්. ඒ වගේ කෙනෙක්ගේ ගෙදරට යන්න යේසුස් කැමති වුණේ ඇයි?—

සකෙවුස් ජීවිතය ගත කරපු විදිහට යේසුස් ආස වුණේ නැහැ. හැබැයි යේසුස් එහෙට ගියේ දෙවි ගැන එයාට කියලා දෙන්න. තමන්ව දැකගන්න එයා දරපු වෙහෙස යේසුස් දැක්කා. ඒ නිසා යේසුස් දැනගෙන හිටියා සකෙවුස් තමන්ට ඇහුම්කන් දෙයි කියලා. දෙවි කැමති මිනිසුන් මොන විදිහට ජීවත් වෙනවාටද කියලා එයාට උගන්වන්න ඒක හොඳ අවස්ථාවක් වුණා.

යේසුස් සකෙවුස්ගේ ගෙදරට ගියේ ඇයි? සකෙවුස් පොරොන්දු වුණේ මොකක්ද?

යේසුස් සකෙවුස්ගේ ගෙදරට ගියාම මොකද වුණේ?— යේසුස් උගන්වන දේවල් එයා කැමැත්තෙන්ම අහගෙන හිටියා. මිනිසුන්ට වංචා කරලා තිබුණු එක ගැන හුඟක් දුක් වුණු එයා වංචාවෙන් ගත්ත සල්ලි ආයෙත් එයාලාට දෙන්න පොරොන්දු වුණා. අන්තිමේදී එයා ගෝලයෙක් වුණා. ඊටපස්සේ තමයි යේසුස් එයාව යාළුවෙක් කරගත්තේ.—ලූක් 19:1-10.

යේසුස් වගේ අපිත් අපේ යාළුවන් නොවන අයව බලන්න යනවාද?— ඔව්. හැබැයි අපි එහෙම කරන්නේ එයාලා ජීවත් වෙන විදිහ ගැන අපි සතුටු වෙන නිසාවත් එයාලා එක්ක එකතු වෙලා නරක දේවල් කරන්න ඕන නිසාවත් නෙවෙයි. අපි යන්නේ එයාලාට දෙවි ගැන කියන්නයි.

අපේ කිට්ටු යාළුවන් එක්ක නම් අපි හුඟක් කාලය ගත කරනවා. හොඳ යාළුවන් හැටියට තෝරගන්න ඕනෙ දෙවි කැමති අයවයි. සමහර අය යෙහෝවා දෙවි කවුද කියලවත් දන්නේ නැහැ. හැබැයි එයාලා කැමති නම් අපිට පුළුවන් දෙවි ගැන දැනගන්න එයාලාට උදව් කරන්න. එතකොට කාලයක් යද්දී එයාලත් යෙහෝවා දෙවිට ආදරේ කරන්න පටන්ගනියි. එතකොට අපිට පුළුවන් එයාලවත් අපේ යාළුවන් කරගන්න.

කෙනෙක් හොඳ යාළුවෙක්ද, නැද්ද කියලා දැනගන්න උදව් වෙන තවත් දෙයක් තියෙනවා. එයා කරන දේවල් දිහා බලන්න. එයා මිනිසුන්ට නපුරු විදිහට සලකලා ඒ ගැන හිනා වෙනවාද? ඒක හොඳ දෙයක් නෙවෙයි නේද?— එයා නිතරම කරදරවලට පැටලෙන කෙනෙක්ද? එයාත් එක්ක එකතු වෙලා ඒ කරදරවලට වැටෙන්න අපි කැමති නැහැ නේද?— එයා වැරදි දේවල් කරලා ඒවා අහු වුණේ නැති එක ගැන මහා ලොකුවට කියවනවාද? එයා කරපු දේ අනිත් අය දැක්කේ නැතත් දෙවි දකිනවා නේද?— ඒ වගේ අයව යාළුවන් කරගන්න එක හොඳයිද?—

යාළුවන් විදිහට තෝරගන්න අය අපේ ජීවිතයට බලපාන්න පුළුවන් කොහොමද කියන එක ගැන බයිබලයේ තියෙන දේ අපි බලමු. පෙරළන්නකෝ 1 කොරින්ති 15:33ට. එතැන මෙහෙම කියනවා. ‘රැවටෙන්න එපා. නරක ආශ්‍රය නිසා ඔයාගේ හොඳ පුරුදු නැති වෙලා යයි.’ ඒ කියන්නේ අපි නරක අයව ආශ්‍රය කළොත් අපිත් ඒ අය වගේ වෙනවා කියන එකයි. හැබැයි හොඳ අයව ආශ්‍රය කළොත් හොඳ පුරුදු ඇති කරගන්න අපිට පුළුවන් වෙනවා.

අපේ ජීවිතයේ ඉන්න වැදගත්ම කෙනා යෙහෝවා දෙවි කියලා කවදාවත් අමතක කරන්න එපා. දෙවිත් එක්ක අපිට තියෙන මිතුරුකම නැති කරගන්න අපි කැමති නැහැ නේද?— ඒ නිසා අපි යාළුවන් කරගන්න ඕනෙ දෙවිට ආදරේ අයව විතරයි.

හොඳ අයව යාළුවන් කරගන්න එකේ වැදගත්කම ගැන තියෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. ගීතාවලිය 119:115; හිතෝපදේශ 13:20; 2 තිමෝති 2:22; 1 යොහන් 2:15.