Skip to content

පටුනට යන්න

ප්‍රේම සබඳතා

ප්‍රේම සබඳතා

1වෙනි කොටස

ප්‍රේම සබඳතා

යාළු වෙලා ඉන්න දෙන්නෙක් අත් අල්ලගෙන ඉන්නවා දැක්කාම මට . . .

□ ගානක් නැහැ

□ ටිකක් දුකයි

□ ඉරිසියයි

යාළුවෝ එක්ක ෆිල්ම් එකක් බලන්න ගිය වෙලාවේ එයාලා යාළු වෙලා ඉන්න අයත් ඇවිත් හිටියා. මට විතරයි කවුරුත් නැත්තේ. ඒ ගැන මට . . .

□ ගානක් නැහැ

□ අමුත්තක් දැනෙනවා

□ හරිම දුකයි

මගේ හොඳම යාළුවා ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් කියලා දැනගත්තාම මට . . .

□ සතුටුයි

□ ටිකක් ඉරිසියයි

□ තරහයි

යාළු වෙලා ඉන්න ජෝඩු හැම තැනම. ඒ වගේ අය බස්වල, කෝච්චිවල, ඉස්කෝලේ, ක්ලාස්වල ඕන තරම් දකින්න පුළුවන්. ඒ අයව දකින හැම වෙලාවකම වගේ ඔයාටත් කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතෙනවා ඇති. ඒත් ඔයා හිතනවාද කෙනෙක් එක්ක යාළු වෙන්න කාලේ හරි කියලා? කාලේ හරි නම් ඔයාට ගැළපෙන කෙනාව තෝරගන්නේ කොහොමද? ගැළපෙන කෙනාව හම්බ වුණොත් ඔයගොල්ලන්ගේ සම්බන්ධය පවිත්‍රව තියාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර 1-5 පරිච්ඡේද කියෙව්වාම ඔයාට දැනගන්න පුළුවන්.

[12, 13වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]