Skip to content

පටුනට යන්න

ඔයාට ආදර්ශයක්—දිලිඳු වැන්දඹුව

ඔයාට ආදර්ශයක්—දිලිඳු වැන්දඹුව

ඔයාට ආදර්ශයක්—දිලිඳු වැන්දඹුව

දේවමාලිගාවේ තිබුණු මුදල් බඳුන්වලට පොහොසත් අය සම්මාදම් දානවා යේසුස් බලාගෙන හිටියා. ඒ අතරතුරේ දුප්පත් වැන්දඹුවක් ඇවිල්ලා, “ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක්” ඒකට දානවා යේසුස් දැක්කා. (ලූක් 21:2) ඒ වැන්දඹුව කරපු දේ යේසුස් ගොඩක් අගය කළා. මොකද පොහොසත් “සියලුදෙනාම දැම්මේ තමන්ට වැඩිපුර තිබුණු දෙයිනුයි. නමුත් ඇයට අගහිඟකම් තිබුණත් තමන් සතුව තිබුණු සියල්ල එනම්, ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ලම ඇය දැම්මා” කියලා යේසුස් කිව්වා.—මාක් 12:44.

ඒ දිලිඳු වැන්දඹුව වගේ නමස්කාර වැඩකටයුතුවලට අතහිත දෙන එක ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ කියලා ඔයාත් හිතනවාද? ඔයාත් ඔයාගේ කාලේ, ඔයාට තියෙන සම්පත් යෙහෝවා දෙවි වෙනුවෙන් දෙන්නේ කැමැත්තෙන්ද? නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන වැඩවලට සම්මාදම් කරන්න ඔයාටත් පුළුවන්. ඒ වගේම යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න අනිත් අයට උදව් කරන්න ඔයාගේ කාලේ, සල්ලි පාවිච්චි කරන්නත් ඔයාට පුළුවන්. දිලිඳු වැන්දඹුව නමස්කාර වැඩකටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරපු පොඩි මුදල යෙහෝවා දෙවි අගය කළා නම් ඔයාත් දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට මුල් තැන දීලා දේවල් කරද්දී දෙවි ඔයාවත් ගොඩක් අගය කරයි.—මතෙව් 6:33.