Skip to content

පටුනට යන්න

ඔයාට ආදර්ශයක්—පාවුල්

ඔයාට ආදර්ශයක්—පාවුල්

ඔයාට ආදර්ශයක්—පාවුල්

“මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි” කියලා පාවුල් අවංකව පිළිගත්තා. එයා දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරපු කෙනෙක්. ඒත් “මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. ඒ නීතිය මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි” කියලා පාවුල් කිව්වා. ඒ ගැන පාවුල් ගොඩක් කලකිරුණා. ඒ නිසයි එයා මෙහෙම කිව්වේ. “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද!”—රෝම 7:21-24.

ඔයාගේ අතිනුත් වැරදි, අඩුපාඩු වෙද්දී ඔයාටත් ලොකු කලකිරීමක් දැනෙනවාද? පාවුල්ට ඒ හැඟීමෙන් ගොඩ එන්න පුළුවන් වුණේ යේසුස් මිය ගියේ එයා වගේ පව්කාරයන් වෙනුවෙන් කියන එක නිතරම මතකයේ තියාගත්ත නිසයි. එයා මෙහෙම කිව්වා. “මා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගන්නේය.” (රෝම 7:25) පාවුල් යේසුස්ගේ ජීවිත පූජාව සැලකුවේ එයා වෙනුවෙන්ම ඔප්පු කරපු පූජාවක් හැටියටයි. පාවුල් කියපු මේ දෙයිනුත් ඒක පැහැදිලියි. ‘මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබනවා.’ (ගලාති 2:20) ඔයා අතින් වැරදි, අඩුපාඩුකම් වෙද්දී ඔයාත් කලකිරෙනවා නම් යේසුස් මිය ගියේ අපි වගේ වැරදි කරන අය වෙනුවෙන් කියලා මතක තියාගන්න.