Skip to content

පටුනට යන්න

බයිබලයේ පණිවිඩය - සාරාංශයක්

බයිබලයේ පණිවිඩය - සාරාංශයක්
  1. යෙහෝවා දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කර පාරාදීසයක සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව ඔවුන්ට ලබා දෙයි. සාතන් දෙවිට අපහාස කරමින් දෙවිට අන් අයව පාලනය කිරීමට අයිතියක් තිබෙනවාද කියා ප්‍රශ්න කරයි. ආදම් සහ ඒව සාතන්ගේ පැත්ත ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන සියලුදෙනාටත් පාපය හා මරණය උරුම වෙයි

  2. යෙහෝවා දෙවි කැරලිකරුවන්ට විරුද්ධව දඬුවම් නියම කළ අතර ගැලවුම්කරුවෙකු පැමිණෙන බව පොරොන්දු වෙයි. ඒ ගැලවුම්කරු සාතන්ව සහමුලින්ම විනාශ කර කැරැල්ලේ සියලු අහිතකර ප්‍රතිඵල නැති කර දමන බවත් දෙවි පවසයි

  3. සදහටම රජකම් කරන ගැලවුම්කරු ආබ්‍රහම් සහ දාවිත්ගේ පෙළපතින් පැමිණෙන බව දෙවි පොරොන්දු වෙයි

  4. ගැලවුම්කරු පාපය හා මරණය නැති කර දමන ආකාරය ගැන දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් එළිදරව් කරයි. සියලු යුද්ධ, ලෙඩ රෝග හා මරණය නැති කර දමන දෙවිගේ රාජ්‍යයේ රජු වන ගැලවුම්කරු සමඟ තවත් අය එම පාලනයට හවුල් වන බවත් දෙවි පවසයි

  5. යෙහෝවා දෙවි තම පුත් යේසුස්ව පොළොවට එවා පොරොන්දු වූ ගැලවුම්කරු ඔහු බව පවසයි. දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළ යේසුස්, අවසානයේදී තම ජීවිතය පූජා කරයි. ස්වර්ගයේ ජීවත් වීම සඳහා දෙවි යේසුස්ව නැවත නැඟිටුවයි

  6. යෙහෝවා දෙවි තම පුත්‍රයාව රජු ලෙස ස්වර්ගයේ පත් කරයි. එතැන් සිට මේ දුෂ්ට සමාජයේ අවසාන කාලය ආරම්භ වෙයි. දේවරාජ්‍යය ගැන පොළොව පුරා දේශනා කිරීමේ කාර්යය යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ සිදු වෙයි

  7. දෙවිගේ මඟ පෙන්වීම යටතේ යේසුස් මේ පොළොව පාලනය කිරීමට පටන්ගනියි. සියලුම දුෂ්ට පාලනයන් ඉවත් කර දමන ඒ රාජ්‍යය, පොළොව පාරාදීසයක් බවට පත් කර මිනිසුන් තුළ තිබෙන පව්කාර ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කර දමයි. විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා දෙවි බව තහවුරු වන අතර ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කරනු ලබයි