Skip to content

පටුනට යන්න

2වන කොටස

සැබෑ දෙවි කවුද?

සැබෑ දෙවි කවුද?

සිටින්නේ එක සැබෑ දෙවි කෙනෙක් පමණයි. ඔහුගේ නම යෙහෝවා. (ගීතාවලිය 83:18) අපට ඔහුව පේන්නේ නැහැ. ඔහු ඉන්නේ ස්වර්ගයේ. විශ්වයේ බලවත්ම තැනැත්තා ඔහුයි. ඔහු තමයි සියල්ල නිර්මාණය කළේ. ඔහු අපට බොහෝ සෙයින් ප්‍රේම කරන අතර අපත් ඔහුට ප්‍රේම කරනවාට ඔහු කැමතියි. ඒ විතරක් නෙමෙයි අප අන් අයට ප්‍රේම කරනවාටත් ඔහු කැමතියි.—මතෙව් 22:35-40.

දෙවි මුලින්ම නිර්මාණය කළ තැනැත්තාවත් අපට පේන්නේ නැහැ. ඔහු ඉතා බලවත් කෙනෙක්. ඔහු පොළොවේ සිටින විට ඔහුව හැඳින්වූයේ යේසුස් ක්‍රිස්තුස් කියායි. යෙහෝවා දෙවි දේවදූතයන්වද නිර්මාණය කළා.

යෙහෝවා දෙවි ස්වර්ගයේ තියෙන සෑම දෙයක්ද . . . පොළොවේ තියෙන සෑම දෙයක්ද සෑදුවා. එළිදරව් 4:11

යෙහෝවා දෙවි තාරකාද පොළොවද පොළොවේ ඇති සියල්ලද නිර්මාණය කළා.—උත්පත්ති 1:1.

පළමු මිනිසා වන ආදම්ව දෙවි භූමියේ දූවිල්ලෙන් සෑදුවා.—උත්පත්ති 2:7.