Skip to content

පටුනට යන්න

6වන කොටස

මහා ජලගැල්මෙන් අපට කියා දෙන්නේ කුමක්ද?

මහා ජලගැල්මෙන් අපට කියා දෙන්නේ කුමක්ද?

නෝවාගේ කාලයේ සිටි දුෂ්ට මිනිසුන්ව දෙවි විනාශ කළා. උත්පත්ති 7:11, 12, 23

දින 40ක් පුරා දිවා රෑ දෙකේම මහ වැසි ඇද හැළුණු අතර මුළු පොළොවම ජලයෙන් යට වුණා. දුෂ්ටකම් කළ සියලුදෙනාම මිය ගියා.

මිනිස් වෙස් ගත් දුෂ්ට දේවදූතයෝ ඒ ශරීර අත්හැර ස්වර්ගයට ගියා. ඉන්පසු ඔවුන්ව හැඳින්වූයේ භූතයන් ලෙසයි.

නෝවාත් ඔහුගේ පවුලේ අයත් නැවේ සිටි නිසා දිවි ගලවාගත්තා. පසු කාලයකදී ඔවුන් මිය ගියත් අනාගතයේදී ඔවුන්ට සදහටම ජීවත් වීමේ අවස්ථාව යෙහෝවා දෙවි ලබා දෙනවා.

ඉදිරියේදීත් දෙවි දුෂ්ටයන්ව විනාශ කර හොඳ මිනිසුන්ව ආරක්ෂා කරයි. මතෙව් 24:37-39

සාතන් සහ භූතයන් තවමත් මිනිසුන්ව නොමඟ යවනවා.

නෝවාගේ කාලයේ වගේම අද දිනත් බොහෝදෙනෙක් යෙහෝවා දෙවි ලබා දෙන මඟ පෙන්වීම් පිළිගන්නේ නැහැ. ළඟදීම යෙහෝවා දෙවි සියලුම දුෂ්ට මිනිසුන්ව විනාශ කරනවා.—2 පේතෘස් 2:5, 6.

සමහර අය නෝවා මෙන් දෙවිට සවන් දී කීකරු වෙනවා. ඔවුන් තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්.