Skip to content

පටුනට යන්න

7වන කොටස

යේසුස් ගැන ඔබ දන්නවාද?

යේසුස් ගැන ඔබ දන්නවාද?

යෙහෝවා දෙවි යේසුස්ව පොළොවට එව්වා. 1 යොහන් 4:9

යෙහෝවා දෙවිව සතුටු කරන්න අවශ්‍ය නම් අප තවත් වැදගත් පුද්ගලයෙකුට සවන් දිය යුතුයි. ඒ තැනැත්තා ස්වර්ගයේ සිටින බලවත් දේවදූතයෙක්. යෙහෝවා දෙවි ඔහුව සෑදුවේ ආදම්ව සෑදීමට බොහෝ කාලයකට පෙරයි.

පසු කාලයකදී යෙහෝවා දෙවි එම දේවදූතයාව මරියා නම් කන්‍යාව තුළින් බෙත්ලෙහෙම් නුවරේ ඉපදෙන්න සැලැස්සුවා. ඔහුට යේසුස් යන නම ලැබුණා.—යොහන් 6:38.

යේසුස් මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදී දෙවිගේ ගුණාංග ඔහු තුළින් පැහැදිලිව දකින්න ලැබුණා. ඔහු ඉතාමත් කරුණාවන්ත, ප්‍රේමණීය කෙනෙක් වුණා. ඕනෑම කෙනෙකුට ඔහු ළඟට භයක් සැකක් නැතුව යන්න පුළුවන් වුණා. ඔහු නිර්භීතව යෙහෝවා දෙවි ගැන සැබෑ තොරතුරු අන් අයට කියා දුන්නා.

යේසුස් හොඳ දේවල් කළත් මිනිසුන් යේසුස්ට වෛර කළා. 1 පේතෘස් 2:21-24

යේසුස් රෝගී අයව සුව කළ අතර මිය ගිය සමහරුන්ට නැවත ජීවිතය ලබා දුන්නා.

ආගමික නායකයන් ඉගැන්වූ බොරු දේවල් සහ ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවන් යේසුස් හෙළි කළ නිසා ඔවුන් යේසුස්ට වෛර කළා.

යේසුස්ට පහර දී ඔහුව මරා දැමීමට ආගමික නායකයන් රෝමවරුන්ව පෙලඹුවා.