Skip to content

පටුනට යන්න

14වන කොටස

ඔබ දෙවිට විශ්වාසවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද?

ඔබ දෙවිට විශ්වාසවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට තීරණයක් ගන්න. 1 පේතෘස් 5:6-9

බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට පටහැනි සිරිත් විරිත් පැවැත්වීමෙන් වැළකී සිටින්න. එසේ කිරීමට ඔබට ධෛර්යය අවශ්‍යයි.

දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවී සිටින්න. ඒවාට සම්බන්ධ වන අය යෙහෝවා දෙවිටවත් ඔහුගේ රාජ්‍යයටවත් පක්ෂ නැහැ.

දෙවිට කීකරු වෙන්න. එයයි ගත හැකි හොඳම තීරණය. මතෙව් 7:24, 25

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන්න. දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට ඔවුන් ඔබට උපකාර කරාවි.

දෙවි ගැන දිගටම ඉගෙනගන්න. ඔහුගේ අණපනත්වලට කීකරු වීමට උත්සාහ කරන්න.

යෙහෝවා දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය ශක්තිමත් වූ විට ඔබේ ජීවිතය ඔහුට කැප කර බව්තීස්ම වෙන්න.—මතෙව් 28:19.

දෙවිට සවන් දෙන්න. බයිබලය කියවා එය තේරුම්ගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් උපකාරය ඉල්ලන්න. බයිබලයෙන් ඉගෙනගත් දේවල් අනුව ජීවත් වෙන්න. ඔබ එසේ කළොත් සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව ඔබට හිමි වෙයි.—ගීතාවලිය 37:29.