Skip to content

පටුනට යන්න

ඔබට ආදර්ශයක්—යාකොබ්

ඔබට ආදර්ශයක්—යාකොබ්

ඔබට ආදර්ශයක්—යාකොබ්

යාකොබ් සහ ඔහුගේ සහෝදරයා වූ ඒසව් අවුරුදු ගණනාවක් එකිනෙකා සමඟ කතා කළේ නැහැ. ඒසව් යාකොබ්ට වෛර කළා. යාකොබ් අතින් වරදක් නොවුණත් සමාදාන වීමට පියවර ගත්තේ ඔහුයි. ඔහුගේ අරමුණ වුණේ තම සහෝදරයාගේ සිත දිනාගැනීම මිස විවාදය ජය ගැනීම නොවෙයි. ඒසව් තමාගෙන් සමාව ඉල්ලිය යුතුයි කියා යාකොබ් බල කර සිටියේ නැහැ. ඔහු දෙවිගේ ප්‍රතිපත්තිවලට ගරු කළා.—උත්පත්ති 25:​27-34; 27:​30-41; 32:​3-22; 33:​1-9.

ඔබ පවුලේ කෙනෙකු සමඟ ඇති වූ ගැටලු විසඳාගන්නේ කොහොමද? සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් ඔබ හරියි, වැරැද්ද තිබෙන්නේ ඔබේ සහෝදර සහෝදරියන් හෝ දෙමාපියන් අතේ කියලා. එවැනි අවස්ථාවලදී අනික් කෙනා ගැටලුව විසඳීමට මුල් පියවර ගන්නා තුරු ඔබ බලා සිටිනවාද? නැත්නම් යාකොබ් මෙන් ඔබ කටයුතු කරනවාද? (1 පේතෘස් 3:​8, 9) උඩඟුකම නිසා පවුලේ සමඟිය නැති වීමට යාකොබ් ඉඩ දුන්නේ නැහැ. ඔහු නිහතමානීව කටයුතු කිරීමෙන් තම සහෝදරයාගේ සිත දිනාගත්තා. ඔබටත් හැකිද ඔහු මෙන් කටයුතු කරන්න?