Skip to content

පටුනට යන්න

ඔබට ආදර්ශයක්—රූත්

ඔබට ආදර්ශයක්—රූත්

ඔබට ආදර්ශයක්—රූත්

වැන්දඹුවක් වූ රූත් විශ්වාසවන්තකම පිළිබඳ කදිම ආදර්ශයක්. ඇය සැප පහසු ජීවිතයක් ගත කිරීමට තිබුණු අවස්ථාව අත්හැර තම වයසක නැන්දම්මා සමඟ ජීවත් වීමට තීරණය කළා. ඇයට නැවත විවාහ වීමට තිබූ ප්‍රස්තාව ගිලිහී යන්න ඉඩ තිබුණත් රූත් තමා ගැන පමණක් සිතුවේ නැහැ. ඇගේ නැන්දම්මා වූ නායොමිට තිබූ ආදරයත් යෙහෝවා දෙවිගේ සෙනඟ සමඟ ජීවත් වීමට තිබූ ආශාවත් නිසා ඇය විවාහ වීමට හදිසි වුණේ නැහැ.—රූත් 1:8-17.

ඔබ විවාහය ගැන සිතමින් සිටිනවාද? එසේනම් හැඟීම්වලට වහල් නොවී රූත් මෙන් විවාහ ජීවිතයට ප්‍රයෝජනවත් වන ගුණාංග වර්ධනය කිරීමට උත්සාහ කරන්න. උදාහරණයකට, ඔබ විශ්වාසවන්ත කෙනෙක්ද? කැප කිරීම් කරන්න කැමති කෙනෙක්ද? හදවත ඔබව වැරදි දේට පෙලඹුවත් දෙවිගේ ප්‍රතිපත්තිවලට ඇලී සිටින කෙනෙක්ද? රූත්ට වැදගත්ම දේ වුණේ විවාහ සහකරුවෙක්ව සොයාගැනීම නොවෙයි. නමුත් කාලයක් යන විට ඇයට ස්වාමිපුරුෂයෙක් ලැබුණා. ඔහු අවබෝධයෙන් කටයුතු කරන, ඇගේ ගතිගුණවලට සමාන ගතිගුණ තිබූ කෙනෙක්. ඒ සියලු දේට වඩා වැදගත් වුණේ ඔහු යෙහෝවා දෙවිට ප්‍රේම කළ කෙනෙක් වීමයි. ඔබටත් එවැනි ආශීර්වාදයක් ලැබේවි!