Skip to content

පටුනට යන්න

ඔබට ආදර්ශයක්—තිමෝති

ඔබට ආදර්ශයක්—තිමෝති

ඔබට ආදර්ශයක්—තිමෝති

තිමෝති තම නිවස අත්හැර යන්න සූදානම් වෙනවා. ඒ දෙවිගේ සේවකයෙක් වූ පාවුල් සමඟ මිෂනාරි ගමන්වල හවුල් වීම සඳහායි. ඔහු අවුරුදු 18ක් හෝ 19ක් වැනි වයසක සිටියත් වගකීමෙන් කටයුතු කරන තරුණයෙක් ලෙස “ලිස්ත්‍රාවෙහි සහ ඉකෝනියෙහි සහෝදරයන් අතර හොඳ නමක් දිනාගෙන” සිටියා. (ක්‍රියා 16:2) තිමෝති දේවසේවය වෙනුවෙන් බොහෝ දේ කරයි කියා පාවුල්ට විශ්වාසයක් තිබුණා. තිමෝති ඒ විශ්වාසයට අනුව කටයුතු කළා. ගත වූ වසර කිහිපය තුළ තිමෝති ඈත ප්‍රදේශවලට ගමන් කරමින් අලුතින් සභාවන් ආරම්භ කළ අතර සහෝදර සහෝදරියන්ව දිරිමත් කළා. තිමෝතිගේ යහපත් ගතිගුණ පාවුල්ගේ සිතට තදින්ම කාවැදුණු බව අවුරුදු 11කට පමණ පසු ෆිලිප්පිවරුන්ට තිමෝති ගැන ලියූ දෙයින් පැහැදිලි වෙනවා. “ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය. ඔහු ඔබ වෙතට පැමිණ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වයි කියා මට විශ්වාසයි.”—ෆිලිප්පි 2:20.

ඔබත් දේවසේවයේ යෙදෙන්න කැමැත්තෙන් සිටිනවාද? එසේනම් ඔබට බොහෝ ආශීර්වාද ලැබෙයි. ‘කැමැත්තෙන්ම ඉදිරිපත් වන’ යෞවනයන්ව යෙහෝවා දෙවි බොහෝ සෙයින් අගය කරනවා. (ගීතාවලිය 110:3) ඒ වගේම ‘ඔබ කළ සේවය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ’ කියා ඔබට නිසැක විය හැකියි.—හෙබ්‍රෙව් 6:10.