Skip to content

පටුනට යන්න

ඉලෙක්ට්‍රෝනික උපකරණවලට මම වහල් වෙලාද?

ඉලෙක්ට්‍රෝනික උපකරණවලට මම වහල් වෙලාද?

36වෙනි පරිච්ඡේදය

ඉලෙක්ට්‍රෝනික උපකරණවලට මම වහල් වෙලාද?

“මම නං හරිම ආසයි SMS යවන්න. ඒක නියමයි! ඒක නැත්නං ඉඳලා වැඩකුත් නැහැ.”—ඇලන්.

ඔබේ දෙමාපියන්ට ඔවුන්ගේ යෞවන කාලයේදී තිබුණේ රූපවාහිනිය හා රේඩියෝව වැනි දේවල් විතරයි. ඔවුන්ට ජංගම දුරකථන තිබුණේ නැහැ. ඇනා නමැති යෞවනිය මෙවැනි දෙයක් කියනවා. “අම්මලගේ කාලේ අද තරම් තාක්ෂණය දියුණු නැහැ. එයාලා තාම මොබයිල් ෆෝන් එකේ සමහර දේවල් පාවිච්චි කරන විදිහවත් දන්නේ නැහැ.”

අද කාලේ නම් සාක්කුවේ දමාගෙන යා හැකි ජංගම දුරකථනයකින් ඇමතුමක් ගන්න, සිංදුවක් අහන්න, ක්‍රීඩාවක් කරන්න, ඡායාරූපයක් ගන්න, ඉන්ටනෙට් එක පාවිච්චි කරන්න, කෙටි පණිවිඩ හෝ ඊ-මේල් යවන්න වගේ බොහෝ දේ කරන්න පුළුවන්. ඔබ කුඩා කාලයේ සිටම පරිගණක, ජංගම දුරකථන සහ රූපවාහිනිය වැනි උපකරණ ඕනෑ තරම් දැක ඇති. ඒ නිසා ඒවා නිතර භාවිත කිරීම ඔබට සාමාන්‍ය දෙයක්. නමුත් ඔබේ දෙමාපියන්ට පෙනෙන්නේ ඔබ ඒවාට ඇබ්බැහි වෙලා කියලා. ඔබේ දෙමාපියන් එහෙම කියනවා නම් ඔවුන්ගේ අදහස් අද සමාජයට ගැළපෙන්නේ නැහැ කියා කියන්න ඉක්මන් වෙන්න එපා. ප්‍රඥාවන්ත රජ කෙනෙක් වූ සලමොන් පැවසුවේ, ‘කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමක්’ කියායි.—හිතෝපදේශ 18:13.

ඔබේ දෙමාපියන් එසේ සිතන්නේ ඇයි කියා ඔබ කල්පනා කර තිබෙනවාද? ඔබ ඇත්තටම ඉහත සඳහන් කළ දේවලට ඇබ්බැහි වෙලාද?

මම ඇබ්බැහි වෙලාද?

එක් විශ්වකෝෂයක ඇබ්බැහි වීම විස්තර කර තිබෙන්නේ මේ විදිහටයි. එනම් “යම් ක්‍රියාවක පුරුද්දක් ලෙස නැවත නැවත නියැලීමයි. එවැනි කෙනෙක් එම පුරුද්ද නතර කරන්න අකමැතියි. එහෙමත් නැත්නම් නතර කිරීමට ඔහුට හැකියාවක් නැහැ. ඒ නිසා එයින් හානිකර ප්‍රතිඵල අත් වන බව දැන සිටියත් ඔහු එහි දිගටම නියැලෙයි.” දැන් එම විස්තරය කොටසින් කොටස පහත පැහැදිලි කරන ආකාරය බලන්න. යෞවනයන්ගේ අදහස් කියවා, ඔබත් ඔවුන් හා සමාන දේවල් කරනවා හෝ කියනවාද කියා බලන්න. ඉන්පසු ඔබේ පිළිතුරු ලියන්න.

නැවත නැවත නියැලීම. “මම පැය ගණන් වීඩියෝ ක්‍රීඩා කළා. නිදාගත්තෙවත් නැහැ. කතා කළොත් කතා කරන්නේ ඒ දේවල් විතරයි. මම පවුලේ අයගෙනුත් මිතුරන්ගෙනුත් හුඟක් ඈත් වෙලා, මගේම ලෝකෙක තනි වුණා.”—ඇන්ඩෲ.

ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතය සඳහා දිනකට කොතරම් කාලයක් වැය කිරීම සාධාරණයි කියාද ඔබ සිතන්නේ? ․․․․․

ඔබේ දෙමාපියන් පවසන්නේ ඔබ කොතරම් කාලයක් වැය කළොත් ඇති කියාද? ․․․․․

රූපවාහිනිය නරඹන්න, කෙටි පණිවිඩ යවන්න, ඉන්ටනෙට් එක භාවිත කරන්න සහ වීඩියෝ ක්‍රීඩා සඳහා ඔබ දිනපතා වැය කරන මුළු කාලය කොපමණද? ․․․․․

ඔබ සැපයූ පිළිතුරුවලින් ඔබ ඊට ඇබ්බැහි වෙලා කියා ඔබට දැනෙනවාද?

□ ඔව් □ නැහැ

නතර කරන්න අකමැතියි. නැත්නම් හැකියාවක් නැහැ. “මම ඕනෑවට වඩා SMS යවනවා කියලා අම්මයි තාත්තයි හැම වෙලාවෙම කියනවා. මගේ යාළුවන් එක්ක බලන කොට නම් මම SMS ටිකයි යවන්නේ. ඒත් අපේ අම්මලත් එක්ක බලන කොට නම් මම හුඟක් SMS යවනවා. ඉතින් ඒක සාධාරණයිනේ. අම්මලාට වයස අවුරුදු 40යි. මට 15යි!”—ඇලන්.

ඔබ ඕනෑවට වඩා ඉලෙක්ට්‍රෝනික උපකරණවලට කාලය දෙනවා කියලා ඔබේ දෙමාපියන් හෝ මිතුරන් ඔබට කවදා හරි කියා තිබෙනවාද?

□ ඔව් □ නැහැ

ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිත කරන එක පාලනය කරන්න අමාරු හෝ අකමැති බවක් ඔබට දැනී තිබෙනවාද?

□ ඔව් □ නැහැ

හානිකර ප්‍රතිඵල. “මගේ යාළුවෝ හැම වෙලාවෙම SMS යවනවා. පාරේ යන කොටත් එහෙම කරනවා. ඇත්තටම ඒක කොච්චර භයානකද!”—ජූලි.

“මගේ ෆෝන් එක ගත්ත අලුත, මගේ වැඩේම කාට හරි කෝල් කරන එක. නැත්නම් SMS යවන එක. ඒක මගේ පවුලේ අය එක්කත් සමහර යාළුවෝ එක්කත් තිබුණු බැඳීමට බාධාවක් වුණා. ඒත් දැන් නං මම එහෙම කරන්නේ නැහැ. ඒකට හේතුව මගේ යාළුවෝ එක්ක මොකක් හරි කතා කරකර ඉන්න කොට ඒ අය නිතරම කියනවා ‘පොඩ්ඩක් ඉන්න මට SMS එකක් යවන්න තියෙනවා’ කියලා. එහෙම කියන එක මට හරි කරදරයක්. මට දැනුයි තේරෙන්නේ, මමත් ඉස්සර ඒ දේමනේ කළේ කියලා.”—ෂර්ලි.

ඔබ මඟ තොටේදී අමතර පන්තිවලදී එහෙමත් නැත්නම් සභා රැස්වීම් අතරතුරේදී කෙටි පණිවිඩ යවන්න පුරුදු වී සිටිනවාද?

□ ඔව් □ නැහැ

පවුලේ අය හෝ මිතුරන් සමඟ කතා කරකර සිටින විට ඊට බාධා වන අයුරින් ඔබ නිතරම ඔබේ දුරකථනය භාවිත කරනවාද?

□ ඔව් □ නැහැ

ඉලෙක්ට්‍රෝනික උපකරණ නිසා නිදාගැනීමට හෝ පාඩම් කිරීමට තිබෙන කාලයට බාධාවක් වී තිබෙනවාද?

□ ඔව් □ නැහැ

ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතය සම්බන්ධයෙන් යම් වෙනස්කම් කළ යුතුයි කියා ඔබට සිතෙනවාද? පහත සඳහන් යෝජනා සලකා බලන්න.

සමබර වෙන්න

ඔබට පරිගණකයක්, ජංගම දුරකථනයක් හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් තිබෙනවා නම් පහත සඳහන් ප්‍රශ්න හතර ගැන සිතා බලන්න. බයිබලයේ දී තිබෙන උපදෙස් අදාළ කරගැනීමෙන් සහ ඔබ කළ යුතු හා නොකළ යුතු දේ කුමක්ද කියා දැනගැනීමෙන් ඉන් සිදු වන හානිකර ප්‍රතිඵලවලින් ආරක්ෂා වීමටත් සමබරව කටයුතු කිරීමටත් ඔබට හැකි වෙයි.

භාවිත කරන්නේ කුමන අරමුණක් සඳහාද? බයිබලයේ අපට උපදෙස් දී තිබෙන්නේ “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න” කියායි.—ෆිලිප්පි 4:8.

✔ කළ යුතු දේ. පවුලේ අය සහ මිතුරන් සමඟ ගොඩනංවනසුලු තොරතුරු බෙදාගන්න.—හිතෝපදේශ 25:25; එෆීස 4:29.

X නොකළ යුතු දේ. ඕපාදූප පැතිරවීමට, අසභ්‍ය දේ ඇතුළත් පණිවිඩ හා පින්තූර යැවීමට සහ අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට භාවිත නොකරන්න.—කොලොස්සි 3:5; 1 පේතෘස් 4:15.

භාවිත කරන්නේ මොන වගේ වෙලාවන්වලදීද? “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා.—දේශනාකාරයා 3:1.

✔ කළ යුතු දේ. වීඩියෝ ක්‍රීඩාවලට, රූපවාහිනිය නැරඹීමට, කෙටි පණිවිඩ යැවීමට සහ දුරකථන ඇමතුම් දීමට කොතරම් කාලයක් යොදවනවාද කියා තීරණය කරන්න.

X නොකළ යුතු දේ. අධ්‍යාපනය හා නමස්කාර කටයුතුවලට මෙන්ම පවුලේ අය සහ හිතමිතුරන් වෙනුවෙන් යෙදවීමට ඔබ වෙන් කළ කාලයට එයින් බාධාවක් වෙන්න ඉඩ දෙන්න එපා.—එෆීස 5:15-17; ෆිලිප්පි 2:4.

ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතය නිසා මම දැන් වැඩියෙන් ආශ්‍රය කරන්නේ කාවද? බයිබලයේ සඳහන් වෙන්නේ, “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරින්ති 15:33.

✔ කළ යුතු දේ. ඔබට යහ ගුණ කියා දෙන අය සමඟ ඇති ඔබේ බැඳීම ශක්තිමත් කරගැනීමට ඒවා භාවිත කරන්න.—හිතෝපදේශ 22:17.

X නොකළ යුතු දේ. රූපවාහිනිය, ඊ-මේල්, කෙටි පණිවිඩ, වීඩියෝ සහ අන්තර්ජාලය වැනි දේවලින් ඔබගේ ප්‍රතිපත්තිවලට, කතා විලාසයට සහ ඔබ සිතන ආකාරයට හානි සිදු වෙන්නේ නැහැයි කියා සිතන්න එපා.—හිතෝපදේශ 13:20.

මම කොතරම් කාලයක් ඒ සඳහා වැය කරනවාද? ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—ෆිලිප්පි 1:10.

කළ යුතු දේ. ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිත කරන කාලය සටහන් කරගන්න.

X නොකළ යුතු දේ. ඔබ ඉලෙක්ට්‍රෝනික උපකරණ සඳහා වැය කරන කාලය වැඩියි කියා ඔබේ දෙමාපියන් හෝ මිතුරන් කියනවා නම් එය ගණන් නොගෙන ඉන්න එපා.—හිතෝපදේශ 26:12.

කලින් සඳහන් කළ ඇන්ඩෲ ඉලෙක්ට්‍රෝනික උපකරණ සමබරව භාවිත කිරීමේ ඇති වැදගත්කම ගැන මෙවැනි දෙයක් කියනවා. “ඒ දේවල්වලින් විනෝදයක් ලැබෙන බව ඇත්ත. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. ඒ නිසා පවුලේ අයගෙන් සහ යාළුවන්ගෙන් මාව වෙන් කරන්න මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ.”

තවත් දැනගැනීමට 2වන පොතේ 30වන පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ටිකක් විනෝද වීමට දෙමාපියන්ගෙන් අවසර ගන්නේ කොහොමද?

බයිබල් උපදෙස

“ඔබ ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන්න. යෙහෝවා දෙවිට ගරුබිය දක්වා දුෂ්ටකමෙන් ඉවත්ව සිටින්න.”—හිතෝපදේශ 3:7.

යෝජනාවක්

ඔබේ දුරකථන භාවිතය සීමා කිරීමට මේ දේ කරන්න. යම් වෙලාවක් නියම කරගෙන, ඒ වෙලාව ඇතුළත කෙටි පණිවිඩ, ඊ-මේල් හා ඇමතුම්වලට පිළිතුරු නොදෙන බව මිතුරන්ට පවසන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

වෙබ් අඩවියක අද ඔබේ ඡායාරූපයක් හෝ තොරතුරක් ඇතුළත් කළොත් වසර ගණනාවකට පසුව වුවත් ඔබට රැකියා ලබා දෙන අයට හෝ වෙනත් අයට එම තොරතුරු ලබාගත හැකි බව මතක තබාගන්න.

ගත හැකි පියවර

පාලනය කිරීම මට ․․․․․ ගැටලුවක් නම් මම සතියකට පැය පමණක් ․․․․․ ඒ සඳහා වැය කරනවා.

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● යම් ඉලෙක්ට්‍රෝනික උපකරණයකට ඔබ වහල් වෙලා කියා තේරුම්ගැනීම අපහසු විය හැක්කේ ඇයි?

● ඔබ එම උපකරණ භාවිත කරන කාලය පාලනය කළේ නැත්නම් කුමක් සිදු විය හැකිද?

[262වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මම TV බලන වෙලාව කොහොම හරි අඩු කරගත්තා. මං ඒ පුරුද්ද ගැන අම්මත් එක්ක නිතර කතා කෙරුවා. මම දෙවිගෙනුත් උපකාරය ඉල්ලුවා. ඒ දේවල් නිසා TV බලන පුරුද්ද මට අත්හරින්න පුළුවන් වුණා.’’—කැත්ලීන්

[263වන පිටුවේ පින්තූරය]

ඉලෙක්ට්‍රෝනික උපකරණ ඔබව වහලෙක් කරගෙනද?