Skip to content

පටුනට යන්න

ඊට විසඳුම්

ඊට විසඳුම්

පෙරවදන

ඊට විසඳුම්

‘අම්මටයි තාත්තටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?’ ‘මිතුරන් හොයාගන්නේ කොහොමද?’ ‘ලිංගික ඇසුරකට විතරක් ආශ්‍රය කරන එක වැරදිද?’ ‘ඇයි මට මේ තරම් දුකක් දැනෙන්නේ?’

ඔබට පමණක් නොව බොහෝ අයට එවැනි ප්‍රශ්න මතු වී තිබෙනවා. සමහරවිට ඔබ නොයෙක් අයගෙන් උපකාර පැතුවත් ඔබට සෑහීමට පත් විය හැකි පිළිතුරු ලැබී නැතුව ඇති. යෞවනයන්ට විශ්වාසනීය උපදෙස් ලබාගැනීමට පිබිදෙව්! සඟරාවේ යෞවනයන් වෙනුවෙන්ම ලිපි මාලාවක් වර්ෂ 1982 සිට පළ වෙනවා. දශක තුනකට ආසන්න කාලයක් ගත වී තිබුණත් අදටත් එයින් බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබනවා. සෑම ලිපියක්ම ලියා තිබෙන්නේ බොහෝ පර්යේෂණවල නියැලීමෙන් පසුවයි. යෞවනයන්ගේ සිතුම් පැතුම් හා ඔවුන් මුහුණ දෙන අභියෝග දැනගැනීමට පිබිදෙව්! ලේඛකයන් ලොව පුරා සිටින යෞවනයන් සිය ගණනකගේ අදහස් විමසා තිබෙනවා. ඒත් ඒ සියලු දේට වඩා වැදගත් වෙන්නේ එම උපදෙස් දෙවිගේ වචනය වන බයිබලය මත පදනම් වී තිබීමයි.

මෙම පොත මුලින්ම මුද්‍රණය කළේ 1993දීයි. වර්ෂ 2004 සිට 2011 දක්වා පිබිදෙව්! සඟරාවේ පළ වූ “යෞවන අය අසති” යන ලිපි මාලාවෙන් ලිපි 30කට වඩා වැඩි ප්‍රමාණයක් යොදාගෙන අද කාලයට ගැළපෙන සේ මෙම පොත සකස් කරගෙන තිබෙනවා.

යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත කියවීම තුළින් වගකීමෙන් වැඩ කරන වැඩිහිටියෙකු වීමට ඔබට හැකියාව ලැබෙයි. එහි උපදෙස් ඔබගේ ජීවිතයට අදාළ කරගනියි කියා අප බලාපොරොත්තු වෙනවා. එසේ කිරීමෙන් “තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී” සිටින මිලියන ගණන් අයට එකතු වීමට ඔබටත් හැකි වෙයි.—හෙබ්‍රෙව් 5:14.

ප්‍රකාශකයෝ