Skip to content

පටුනට යන්න

ඉදිරිපස කවරය

ඉදිරිපස කවරය

ඉදිරිපස කවරය

දයාබර යෞවනයන්ට අපරිමිත වූ සෙනෙහසින්,

ඔබේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවි ඔබට ආදරෙයි. ඔබ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම ඔහුගේ සතුටයි. ඒත් ‘අද කාලයේ ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන්ද’ කියා ඔබ කල්පනා කරනවා ඇති. එසේ සිතීම සාධාරණයි. මන්ද අප ගත කරන්නේ ගැටලුවලින් පිරි ජීවිතයක්. ඒත් දුක් වෙන්න එපා. අපේ ආදරණීය පියා වන යෙහෝවා දෙවි අප සමඟ සිටිනවා. ජීවිතයේ කුණාටු වැනි තත්වයන්වලදී මංමුළා නොවී ස්ථිරව සිටීමට බයිබලයෙන් අපට මඟ පෙන්වීම් ලබාගත හැකියි. එය බොහෝ කාලයකට පෙර ලියනු ලැබුවත් එහි උපදෙස් එදා මෙන් අදටත් ප්‍රයෝජනවත්.—ගීතාවලිය 119:98, 99; 2 තිමෝති 3:16, 17.

මෙම පොත ඔබ අතට පත් කරන්නේ අපත් ඔබට බොහෝ සෙයින් ආදරය කරන නිසයි. අපගේ සතුටත් ඔබ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා දැකීමයි. ඒ සඳහා ඔබ මේ පොත මුල සිට අග දක්වා කියවීම පමණක් නොව ගැටලුවක් මතු වන සෑම අවස්ථාවකදීම යම් මඟ පෙන්වීම් ලබාගැනීමටත් මෙය භාවිත කරන්න කියා අප ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ පොත නිකුත් කිරීමේ එක් අරමුණක් වෙන්නේ ඔබත් ඔබේ දෙමාපියනුත් අතර හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීමට උපකාරයක් ලබා දීම සඳහායි. ඔබත් ඔබේ දෙමාපියනුත් එකට එකතු වී මේ පොත කියවයි කියා හෝ මෙහි යම් කොටස් අධ්‍යයනය කරයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඔබේ දෙමාපියන්ගේ දැනුම සහ අද්දැකීම් ඔබේ ජීවිතයට පහනක් බව අමතක කරන්න එපා.

ඔබේ ජීවිතය සාර්ථක වේවා යන්න අපේ පැතුමයි!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය