Skip to content

පටුනට යන්න

මගේ ඉලක්කවලට ළඟා වෙන්නේ කොහොමද?

මගේ ඉලක්කවලට ළඟා වෙන්නේ කොහොමද?

39වෙනි පරිච්ඡේදය

මගේ ඉලක්කවලට ළඟා වෙන්නේ කොහොමද?

පහත සඳහන් ඒවා අතරින් ඔබ වඩාත්ම කැමති කුමන දේටද?

□ ආත්ම විශ්වාසය වැඩි කරගන්න

□ මිතුරන් වැඩි කරගන්න

□ සතුට වැඩි කරගන්න

ඒ සියල්ලම අත් කරගන්න ඔබට පුළුවන්. ඒ කොහොමද? ඉලක්ක තබාගෙන ඒවා කරා ළඟා වීමට වෑයම් කිරීමෙනුයි. පහත සඳහන් දේ සලකා බලන්න.

ආත්ම විශ්වාසය වැඩි කරගන්න. පොඩි පොඩි ඉලක්ක තබාගෙන ඒවා ජය ගත් විට ලොකු ඉලක්ක තබාගැනීමට ඔබ තුළ ආත්ම විශ්වාසයක් ඇති වෙයි. ඒ වගේම එදිනෙදා ජීවිතයේදී විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමටත් ඔබට හැකි වෙයි.

මිතුරන් වැඩි කරගන්න. ඕනෑම කෙනෙක් කැමති අරමුණක් ඇතුව වැඩ කරන අයව තම මිත්‍රයන් කරගන්නයි. එනම් තමන්ගේ ජීවිතේ යම් ඉලක්කයක් තිබෙන සහ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන අයටයි.

සතුට වැඩි කරගන්න. ජීවිතය අරමුණක් නැතුව ඔහේ ගෙවීගෙන යනවා නම් ඉන් කිසිම සතුටක් ලැබෙන්නේ නැහැ. ඒත් යම් ඉලක්කයක් තබාගෙන එය ජය ගත් විට ඔබට ලොකු සතුටක් දැනෙයි. ඔබ ඒ දේ අත්හදා බලන්න කැමති නම් ඊළඟ පිටුවල සඳහන්ව ඇති දේ කියවන්න. *

✔ 1 හඳුනාගන්න

1. ඔබ කැමති ඉලක්ක ගැන සිතන්න. සිතට එන හැම ඉලක්කයක්ම ලියන්න. අඩුම තරමින් ඉලක්ක 10ක්වත් ලියන්න.

2. ඒවා ගැන නැවත සිතන්න. ඒ අතරින් ඔබ වඩාත්ම කැමති කුමන ඉලක්කවලටද? ළඟා වීමට අමාරුයි කියා සිතෙන්නේ කුමන ඒවාද? ඔබට වැඩි සතුටක් ලැබෙන්නේ කුමන ඉලක්කය කරා ළඟා වූ විටද? ඇත්තෙන්ම ඔබට වැඩි සතුටක් ලැබෙන්නේ ඔබට වඩාත්ම වැදගත් වන ඉලක්කවලට ළඟා වූ විටයි.

3. මුල් තැන කොයි දේටද? ඔබ කුමන ඉලක්කවලටද මුලින් ළඟා වීමට කැමති කියා අනුපිළිවෙළට ලියන්න.

✔ 2 සැලැස්ම

ඔබ තෝරාගෙන තිබෙන සෑම ඉලක්කයක් සම්බන්ධයෙන් මේ දේ කරන්න.

ඔබේ ඉලක්කය ලියන්න.

සංඥා භාෂාව ඉගෙනගැනීම

ඉලක්කය කරා ළඟා වීමට නිශ්චිත දිනයක් නියම කරගන්න. නිශ්චිත දිනයක් නැත්නම් එය සිහිනයක් විතරයි.

ජූලි 1වනදා

ගත යුතු පියවර සැලසුම් කරන්න.

පියවර

1. සංඥා භාෂාව ඉගෙනගැනීමට පොත් පත් ගැනීම.

2. සතියකට අලුත් වචන 10ක් සංඥා කරන ආකාරය ඉගෙනගැනීම.

3. අනික් අය සංඥා භාෂාවෙන් අදහස් ප්‍රකාශ කරන ආකාරය නිරීක්ෂණය කිරීම.

4. ඔබ නිවැරදිව වචන සංඥා කරනවාද කියා එය දන්නා කෙනෙකුගෙන් ඇසීම.

ඇති විය හැකි බාධා. ඒවා වළක්වා ගත හැකි ක්‍රම ගැන සිතන්න.

විය හැකි බාධා

ඔබට උපකාර කිරීමට ඒ භාෂාව දන්නා කෙනෙක් නොසිටීම.

අධිෂ්ඨානය. ඉලක්කය කරා ළඟා වීමට ඔබේ උපරිමය කරන බවට අධිෂ්ඨානය කරගන්න. දැන් දිනය දමා අත්සන් කරන්න.

බාධා ජය ගන්නේ කොහොමද?

සංඥා භාෂාවෙන් තිබෙන වීඩියෝ දර්ශන www.pr418.com වෙබ් අඩවියෙන් ලබාගැනීම.

․․․․․ ․․․․․

අත්සන දිනය

✔ 3 පියවර ගන්න

කල් දමන්න එපා. ‘මගේ ඉලක්කය වෙනුවෙන් අද මට කරන්න පුළුවන් මොනවාද’ කියා සිතන්න. සමහරවිට ඒ සඳහා ගත යුතු සෑම පියවරක් ගැනම ඔබ කල්පනා කර නැතුව ඇති. නමුත් ඔබ ගත යුතු පියවර කල් දැමීමට එය හේතුවක් කරගන්න එපා. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත.” (දේශනාකාරයා 11:4) ඔබට අද කළ හැකි දේ කුඩා දෙයක් වුණත් එය අදම කරන්න.

දිනපතා ඔබේ දියුණුව මනින්න. එක් එක් ඉලක්ක ඔබට වැදගත් ඇයි කියා මතක් කරගන්න. ඉලක්කයක් කරා ළඟා වීම සඳහා ඔබ ගත් සෑම පියවරක් ඉදිරියේම ✔ ලකුණ හෝ අවසන් කළ දිනය ලියන්න.

සිතින් මවාගන්න. ඔබ ඉලක්කය ජය ගත් නිසා ඔබට දැනෙන තෘප්තිය ගැන සිතන්න. ඊළඟට එම ඉලක්කය කරා ළඟා වීමට පියවරෙන් පියවර ඔබ කළ දේවල් ගැන සිතන්න. ඔබ ඒ සියලු පියවර ඉටු කරමින් ඉදිරියට යන ආකාරය සිතින් දකින්න උත්සාහ කරන්න. අවසානයේදී ඔබේ ඉලක්කය ජය ගත් විට ඔබට දැනෙන සතුට සිතින් මවාගන්න. දැන් සැබෑවටම ඔබ එම ඉලක්කය කරා යෑමට පියවර ගන්න.

[පාදසටහන]

^ 10 ඡේ. මෙම යෝජනා කෙටි කාලීන ඉලක්ක සඳහා වුණත් දිගු කාලීන ඉලක්ක කරා යෑමේදීත් අදාළ කරගත හැකියි.

බයිබල් උපදෙස

“උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 21:5.

යෝජනාවක්

සැලැස්මකට තදින්ම ඇලී සිටිය යුතුයි කියා සිතන්න එපා. යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය වන විට එය කර ඉදිරියට යන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඉලක්කයක් කරා ළඟා වීම අභියෝගයක් වන තරමටම එය ජය ගැනීමෙන් ලැබෙන තෘප්තියත් වැඩියි!

ඔබ සිතන්නේ කුමක්ද?

● එකවිට ඉලක්ක කිහිපයක් තබාගත හැකිද?—ෆිලිප්පි 1:10.

● ඉලක්ක තබාගන්නවා කියන්නේ ඔබේ ජීවිතයේ සෑම තත්පරයක්ම සැලසුම් කළ යුතුයි කියාද?—ෆිලිප්පි 4:5.

[283වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අරමුණක් නැතුව ජීවිතය ඔහේ ගත කරනවා නම් අපි ලේසියෙන්ම කලකිරෙනවා. හැබැයි ඉලක්කයක් තියලා ඒක ජය ගත්තාම ලොකු සතුටක් දැනෙනවා.’’—රීඩ්

[283යන පිටුවේ කොටුව/පින්තූරය]

උදාහරණ කිහිපයක්

මිතුරන් මට වඩා වැඩිමල් හෝ බාල මිතුරෙක් ඇති කරගැනීම. කලින් තිබූ මිත්‍රත්වයක් අලුත් කරගැනීම.

සෞඛ්‍යය සතියකට විනාඩි 90ක්වත් ව්‍යායාම්වල යෙදීම. සෑම දිනකම පැය අටක සුව නින්දක් ලබාගැනීම.

පාසැල අමාරු විෂයකට පෙරට වඩා වැඩි ලකුණු ලබාගැනීම. වැරදි දේවල් කරන්න මිතුරන් පොලඹවන විට යටත් නොවීම.

ආගමික කටයුතු සෑම දවසකම විනාඩි 15ක් බයිබලය කියවීම. මේ සතිය ඇතුළත පන්තියේ ළමයෙක් සමඟ බයිබලයේ ඇති තොරතුරු ගැන කතා කිරීම.

[284, 285යන පිටුවල පින්තූරය]

ඉලක්ක සැලැස්මක් වගෙයි. උත්සාහයෙන් එය යථාර්ථයක් බවට පත් වෙයි