Skip to content

පටුනට යන්න

4වෙනි පාඩම

අපි නව ලොව පරිවර්තනය ප්‍රකාශයට පත් කළේ ඇයි?

අපි නව ලොව පරිවර්තනය ප්‍රකාශයට පත් කළේ ඇයි?

කොංගෝව (කින්ෂාසා)

රුවන්ඩා

ක්‍රිස්තු වර්ෂ තුන්වෙනි හෝ හතරවෙනි සියවසට අයිති සිමැකස්ගේ අත්පිටපතේ කොටසක්. මෙතන පෙන්නලා තියෙන්නේ ගීතාවලිය 69:31 දෙවිගේ නම තියෙන තැනයි

අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟක් බයිබල් පරිවර්තන පාවිච්චි කළා. සමහරක් ඒවා මුද්‍රණය කරලා බෙදාහැරියා. හැබැයි කාලයක් යද්දී අපිට තේරුණා ‘සත්‍යය පිළිබඳව නිවැරදි දැනුම ලබාගැනීමට’ උදව් වෙන හොඳ පරිවර්තනයක් ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියලා. මොකද හැමෝම සත්‍යය දැනගන්නවාට තමයි දෙවි කැමති. (1 තිමෝති 2:3, 4) ඒ නිසා 1950 ඉඳලා නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් කියන බයිබල් පරිවර්තනය කොටස් හැටියට ප්‍රකාශයට පත් කරන්න පටන්ගත්තා. මේ වෙන කොට ඒ පරිවර්තනය භාෂා 130කට වඩා වැඩි ගාණකින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් බයිබලයක් අවශ්‍ය වුණා. ඕනම භාෂාවක් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා හුඟක් බයිබල් පරිවර්තනවල තියෙන වචන හා යෙදුම් හුඟදෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒ වගේම හුඟක් පරණ, නිවැරදි ශුද්ධ ලියවිල්ලේ අත්පිටපත් හොයාගෙන තියෙන නිසා බයිබලය ලියපු කාලේ පාවිච්චි කරපු හෙබ්‍රෙව්, ඇරමයික, ග්‍රීක වගේ භාෂා ගැන තිබුණු අවබෝධය තවත් වැඩි වුණා. ඒ නිසා තව සරලව, පැහැදිලිව බයිබලය පරිවර්තනය කරන්න පුළුවන්කම තිබුණා.

දෙවිගේ අදහස් ඒ විදිහටම තියෙන බයිබල් පරිවර්තනයක් අවශ්‍ය වුණා. විශ්වාසවන්ත පරිවර්තකයෙක් දෙවිගේ අදහස් ඒ විදිහටම පරිවර්තනය කරන්න ඕනේ. හැබැයි ගොඩක් බයිබල් පරිවර්තනවල යෙහෝවා කියන දෙවිගේ නමවත් නැහැ.

සැබෑ දෙවිව ගෞරවයට පත් කරන පරිවර්තනයක් අවශ්‍ය වුණා. (2 සාමුවෙල් 23:2) හුඟක් පරණ අත්පිටපත්වල දෙවිගේ නම 7,000 වතාවක් විතර තිබුණා. (ගීතාවලිය 83:18) පහළ පින්තූරේ පෙන්නලා තියෙන්නෙත් ඒ වගේ අත්පිටපතක කොටසක්. දෙවිගේ නම මුල් පිටපත්වල තිබුණු තැන්වලම නව ලොව පරිවර්තනයේ තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ ගොඩක් තොරතුරු හොයලා බලලා දෙවිගේ අදහස් හරිම නිවැරදි විදිහට පරිවර්තනය කරලා තියෙන නිසා මේ පරිවර්තනය හරි ආසාවෙන් කියවන්න පුළුවන්. ඔයා ළඟ නව ලොව පරිවර්තනයක් තිබුණත් නැතත් ඔයා ළඟ දැනට තියෙන බයිබලය හැමදාම කියවන්න කියලා අපි උනන්දු කරන්න කැමතියි.—යොෂුවා 1:8; ගීතාවලිය 1:2, 3.

  • හොඳ පරිවර්තනයක් ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියලා අපිට හිතුණේ ඇයි?

  • දෙවි ගැන සත්‍යය දැනගන්න කැමති අය නිතිපතා කරන්න ඕනේ මොකද්ද?