Skip to content

පටුනට යන්න

6වෙනි පාඩම

දෙවිට නමස්කාර කරන අයව ආශ්‍රය කරන එක වැදගත් ඇයි?

දෙවිට නමස්කාර කරන අයව ආශ්‍රය කරන එක වැදගත් ඇයි?

මැඩගස්කරය

නෝර්වේ

ලෙබනන්

ඉතාලිය

ගන කැලෑවල් මැදින් යන්න සිද්ධ වුණත් කාලගුණය කොච්චර අයහපත් වුණත් අපි නිතිපතා රැස්වීම්වලට යනවා. කොච්චර අමාරුකම් තිබුණත් වැඩ නිසා ලොකු වෙහෙසක් දැනුණත් අපි රැස්වීම් අතපසු කරන්නේ නැහැ. සතිපතා තියෙන රැස්වීම්වලට හවුල් වෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එච්චර වෙහෙසක් ගන්නේ ඇයි?

ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න ශක්තියක් ලැබෙනවා. අපිත් එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන අය ගැන “උනන්දුවක් හා සැලකිල්ලක්” පෙන්නන්න කියලා බයිබලේ කියලා තියෙනවා. (හෙබ්‍රෙව් 10:24) එහෙම කරන්න නම් අපි සභාවේ ඉන්න අයව හොඳට අඳුනගන්න ඕනේ. එතකොට අපිට තේරෙයි අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට ඒගොල්ලන්ගෙන් සමහරදෙනෙකුත් මුහුණ දීලා තියෙනවා කියලා. ඒවා ජය අරගෙන තියෙන විදිහ ගැනත් අපිට එයාලගෙන් දැනගන්න පුළුවන්. එයාලගේ අද්දැකීම් අපිට වටිනා පාඩම්.

ශක්තිමත් මිතුදම් ඇති කරගන්න පුළුවන් වෙනවා. සතිපතා රැස්වීම්වලදී හම්බ වෙන අය අපේ කිට්ටු යාළුවෝ. සමහර වෙලාවලදී අපි එකතු වෙලා විනෝද වෙනවා. අපි එකට කාලය ගත කරන නිසා අනිත් අයව හොඳට තේරුම්ගන්න පුළුවන්. ඒකෙන් එයාලා ගැන අපිට තියෙන අගය තව වැඩි වෙනවා. ඒ නිසා අපි අතරේ තියෙන බැඳීම හුඟක් ශක්තිමත්. ඒ වගේ කිට්ටු බැඳීමක් අපි අතරේ තියෙන නිසා අපෙන් කාට හරි දුකක් කරදරයක් වුණ වෙලාවලදී ඒගොල්ලන්ට ඉක්මනින්ම අපි උදව් කරන්න පෙලඹෙනවා. (හිතෝපදේශ 17:17) සභාවේ ඉන්න හැම කෙනෙක්වම අපි ආශ්‍රය කරන එකෙන් පෙන්නන්නේ අපි හැමෝටම එක විදිහට සලකනවා කියලයි.—1 කොරින්ති 12:25, 26.

යෙහෝවා දෙවිට ආදරේ කරන අයව ඔයාගේ යාළුවන් විදිහට තෝරගන්න. ඒ වගේ අයව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරින් හොයාගන්න පුළුවන්. ඒ නිසා අපේ රැස්වීම්වලට ඇවිල්ලා අපිව ආශ්‍රය කරන එකෙන් ඔයාව වළක්වන්න කිසිම දේකටවත් කිසිම කෙනෙකුටවත් ඉඩ දෙන්න එපා.

  • රැස්වීම්වලට යන එකෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?

  • ඔයා අපේ රැස්වීමකට එන්නේ කවද්ද?