Skip to content

පටුනට යන්න

10වෙනි පාඩම

පවුලේ නමස්කාරය කියන්නේ මොකද්ද?

පවුලේ නමස්කාරය කියන්නේ මොකද්ද?

දකුණු කොරියාව

බ්‍රසීලය

ඕස්ට්‍රේලියාව

ගිනියාව

පවුලේ අයට එකට එකතු වෙලා ඔහුට නමස්කාර කරන්න කියලා අතීතයේ ඉඳලා යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට කියලා තියෙනවා. (ද්විතීය කතාව 6:6, 7) දෙවි එහෙම කිව්වේ ඒකෙන් පවුලේ හැම කෙනෙක්ටම යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්නත් පවුලේ එක් එක් කෙනා අතරේ තියෙන බැඳීම තව වැඩි කරගන්නත් පුළුවන් වෙන නිසයි. ඒ නිසා තමයි සතියේ එක දවසක නිදහස් වෙලාවක් තෝරගෙන පවුලේ අය එකට එකතු වෙලා බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කරන්නේ. ඒකට තමයි පවුලේ නමස්කාරය කියන්නේ. ඔයා තනියෙන් ඉන්න කෙනෙක් නම් ඔයාටත් පුළුවන් බයිබලේ තියෙන දේවල් ගැන තව හොඳින් හොයලා බලන්න ඒ විදිහට දවසක් වෙන් කරගන්න.

යෙහෝවා දෙවිට ළං වෙන්න උදව් වෙන දෙයක්. බයිබලේ කියනවා, “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා. (යාකොබ් 4:8) යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද, ඔහු ක්‍රියා කරන්නේ කොහොමද කියලා අපි බයිබලෙන් ඉගෙනගද්දී දෙවි ගැන අපිට තියෙන අවබෝධය තව වැඩි වෙනවා. ඒ නිසා පවුලක් හැටියට එකතු වෙලා බයිබලේ කොටසක් කියවලා පවුලේ නමස්කාරය පටන්ගන්න පුළුවන්. සමහරවිට ඒ සතියේ ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සාකච්ඡා කරන බයිබල් කොටස කියවන්න පුළුවන්. කැමති නම් ඒ කොටස බෙදාගෙන කියවන්න. පවුලේ එක් එක් කෙනා කියවන්න ඕනේ මොන කොටසද කියලා කලින්ම කියන්න. ඒක කියෙව්වට පස්සේ ඒ තොරතුරුවලින් ඉගෙනගත්ත කරුණු ගැන සාකච්ඡා කරන්න. ඒ විදිහට බයිබලෙන් දෙවි ගැන ඉගෙනගන්න එක යෙහෝවා දෙවිට ළං වෙන්න ලොකු උදව්වක්.

පවුලේ අය අතරේ තියෙන බැඳීම ශක්තිමත් කරන දෙයක්. පවුලක් හැටියට බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී සැමියයි බිරිඳයි අතරෙත් දෙමාපියන් දරුවන් අතරෙත් තියෙන බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. පවුලේ නමස්කාරය කරද්දී හැම කෙනෙක්ම හරිම සතුටින් ඒකට හවුල් වෙන්න ඕනේ. දරුවන් ඉන්න දෙමව්පියන්ට පුළුවන් දරුවන්ගේ වයසට ගැළපෙන ලිපි මුරටැඹ හා පිබිදෙව්! සඟරාවලින් හරි jw.org කියන අපේ වෙබ් අඩවියෙන් හරි තෝරගෙන පවුලේ නමස්කාරයේදී ඒවා සාකච්ඡා කරන්න. ඒ වගේම ඉස්කෝලේදී දරුවන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු ගැනත් ඒවා ජය ගන්න පුළුවන් විදිහ ගැනත් ඒ වෙලාවේදී කතා කරන්න පුළුවන්. JW බ්‍රෝඩ්කාස්ට් එකෙන් (tv.pr418.com) වීඩියෝ එකක් බලලා ඒ ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. රැස්වීම්වලදී ගායනා කරන ගීතිකා හොඳින් පුරුදු වෙන එකත් හොඳ දෙයක්. ඕනේ නම් පවුලේ නමස්කාරය ඉවර වුණාට පස්සේ මොනවා හරි පොඩි කෑමක් කාලා සතුටු වෙන්න පුළුවන්.

හැම සතියකම ඒ විදිහට පවුලක් හැටියට දෙවිට නමස්කාර කරද්දී බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න පවුලේ හැමෝටම ආස හිතෙයි. ඒ වගේම ඔයාගේ පවුලට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලබාගන්නත් පුළුවන් වෙයි.—ගීතාවලිය 1:1-3.

  • අපි පවුලක් හැටියට දෙවිට නමස්කාර කරන්න වෙලාවක් වෙන් කරගන්නේ ඇයි?

  • පවුලේ නමස්කාරය සතුට පිරුණු අවස්ථාවක් කරගන්න දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවාද?