Skip to content

පටුනට යන්න

20වෙනි පාඩම

පාලක මණ්ඩලයේ වැඩ කොටස මොකද්ද?

පාලක මණ්ඩලයේ වැඩ කොටස මොකද්ද?

මුල් සියවසේ පාලක මණ්ඩලය

පාලක මණ්ඩලයෙන් ලැබුණු ලියුමක් කියවද්දී

මුල් සියවසේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් හැදිලා තිබුණු ක්‍රිස්තියානි සභාව වෙනුවෙන් තීරණ ගන්න පාලක මණ්ඩලය හැටියට හඳුන්වපු කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමට යේසුස්ගේ ‘නියෝජිතයන් හා යෙරුසලමේ හිටිය වැඩිමහල්ලන්’ අයිති වුණා. (ක්‍රියා 15:2) එයාලා මොකක් හරි දෙයක් ගැන ඒකමතික තීරණයක් ගත්තේ ශුද්ධ ලියවිල්ලේ තිබුණු දේවල් ගැන හොඳට සාකච්ඡා කරලා, දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟවයි. (ක්‍රියා 15:25) අද ඉන්න පාලක මණ්ඩලය තීරණ ගන්නෙත් ඒ විදිහටයි.

දෙවිගේ කැමැත්ත ඉටු කරන්න දෙවි එයාලව පාවිච්චි කරනවා. පාලක මණ්ඩලයේ සේවය කරන අභිෂේක ලත් සහෝදරයන් දේවවචනයට ගොඩක් ඇලුම් කරනවා. ඒ වගේම මේ සහෝදරයෝ ගොඩක් අද්දැකීම් තියෙන අය නිසා සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සිද්ධ වෙන්න ඕන විදිහ ගැනත් සභාවන්ට බලපාන වෙනත් දේවල් ගැනත් එයාලට හොඳ අවබෝධයක් තියෙනවා. පාලක මණ්ඩලය හැම සතියකම එක දවසක රැස් වෙලා ලොව පුරා ඉන්න සහෝදර සහෝදරියන්ට දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න උදව් කරන්න පුළුවන් විදි ගැන කතා කරනවා. මුල් සියවසේ වගේ අදත් පාලක මණ්ඩලය බයිබලේ තියෙන මඟ පෙන්වීම් සභාවලට දන්වන්නේ ලියුම්, සංචාරක සේවකයන් හා වෙනත් අය මාර්ගයෙන්. සාක්ෂිකරුවන් ලෝකේ කොහේ ජීවත් වුණත් එයාලා අතරේ එක්සත්කමක් තියෙන්නේ ඒ නිසයි. (ක්‍රියා 16:4, 5) පොත් පත්, සඟරා, රැස්වීම් හා සමුළුවලින් අපි ඉගෙනගන්න හැම දෙයක්ම අපිට ලැබෙන්නේ පාලක මණ්ඩලයෙනුයි. ශුභාරංචිය දේශනා කරන වැඩේට මූලික තැන දෙන්න කියලා එයාලා අපිට නිතරම උනන්දු කරනවා. ඒ වගේම පාලක මණ්ඩලයේ අනුමැතිය ඇතුව තමයි අපිව රැකබලා ගන්න සහෝදරයන්ව පත් කරන්නේ.

දෙවිගේ මඟ පෙන්වීම්වලට එයාලා යටත් වෙනවා. පාලක මණ්ඩලයේ සහෝදරයන් යෙහෝවා දෙවිගෙන් හා ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස්ගෙන් නිතරම මඟ පෙන්වීම් පතනවා. (1 කොරින්ති 11:3; එෆීස 5:23) එයාලා දෙවිගේ සෙනඟව පාලනය කරන නායකයන් කියලා හිතන්නේ නැහැ. ඒ වෙනුවට අනිත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වගේ එයාලත් යේසුස් ‘කොතැනකට ගියත් දිගටම ඔහු පසුපස යනවා.’ (එළිදරව් 14:4) අපි පාලක මණ්ඩලය වෙනුවෙන් කරන යාච්ඤා එයාලා ගොඩක් අගය කරනවා.

  • මුල් සියවසේ පාලක මණ්ඩලය හැටියට සේවය කළේ කවුද?

  • අද පාලක මණ්ඩලයේ සහෝදරයන් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්නේ කොහොමද?