Skip to content

පටුනට යන්න

22වෙනි පාඩම

ශාඛා කාර්යාලයක් තියෙන්නේ ඇයි?

ශාඛා කාර්යාලයක් තියෙන්නේ ඇයි?

සොලමන් දූපත්

කැනඩාව

දකුණු අප්‍රිකාව

ශුභාරංචිය දේශනා කරන වැඩේට සහයෝගය දෙන්න බෙතෙල් පවුලේ අය එක එක අංශවල වැඩ කරනවා. ඒවාට පරිවර්තන අංශය, මුද්‍රණ අංශය, පොත් පත් ගබඩා කරන අංශය, ඕඩියෝ වීඩියෝ අංශය හා වෙනත් අංශ ඇතුළත් වෙනවා.

සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු බලාගන්න. හැම ශාඛා කාර්යාලයකම ශාඛා කමිටුවක් ඉන්නවා. ඒ කමිටුව හැදිලා තියෙන්නේ වැඩිමහල්ලන් හැටියට සේවය කරන සහෝදරයන් තුන්දෙනෙක්ගෙන් නැත්නම් ඊට වැඩි ගාණකින්. ශාඛා කාර්යාලයේ වෙන වැඩකටයුතු බලාගන්න පාලක මණ්ඩලය තමයි එයාලව පත් කරලා තියෙන්නේ. ශාඛා කමිටුව එයාලා බලාගන්න රටේ නැත්නම් රටවල් කීපයේ ඉන්න සාක්ෂිකරුවන් කරන සේවය ගැන තොරතුරුත් ප්‍රශ්න ගැටලු ගැනත් පාලක මණ්ඩලයට දන්වනවා. අපේ පොත් පත් සඟරාවලින්, රැස්වීම් හා සමුළුවලින් මොන වගේ තොරතුරුද ඉදිරිපත් කරන්න ඕනේ කියලා තීරණය කරන්න ඒ වගේ වාර්තා පාලක මණ්ඩලයට ගොඩක් උදව් වෙනවා. ශාඛා කමිටුවේ සේවය කරන සහෝදරයන්ට එයාලගේ වැඩකටයුතු හරියාකාරව කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්න පාලක මණ්ඩලය නියෝජනය කරන සහෝදරයෙක් විටින් විට ශාඛා කාර්යාලයට එනවා. ඒ සහෝදරයාට කියන්නේ මූලස්ථාන නියෝජිත කියලයි. (හිතෝපදේශ 11:14) එයා ආවාම විශේෂ වැඩසටහනක් සැලසුම් කරනවා. ඒ වැඩසටහනේදී එයා ඉදිරිපත් කරන විශේෂ කතාවෙන් සභාවල ඉන්න අය ලබන්නේ ලොකු දිරිගැන්වීමක්.

සභාවන්ට අවශ්‍ය උපකාරය ලබා දෙන්න. අලුත් ප්‍රදේශයක සභාවක් පිහිටුවන්න අනුමැතිය ලැබෙන්නේ ශාඛා කාර්යාලයෙනුයි. පුරෝගාමීන්ව, මිෂනාරි සේවකයන්ව සැලැස්මකට අනුව ප්‍රදේශවලට යවන්නෙත් චාරිකා සේවකයන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නෙත් ශාඛා කාර්යාලයයි. ඒ වගේම ශාඛා කාර්යාලය සමුළු සංවිධානය කරනවා. අලුත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම් වැඩකටයුතු බලාගන්නවා. සභාවන්ට අවශ්‍ය පොත් පත් හා සඟරා යවනවා. ශාඛා කාර්යාලයකින් ඉටු කරන ඒ හැම වැඩක්ම ශුභාරංචිය දේශනා කරන වැඩේ පිළිවෙළකට කරන්න දායක වෙනවා.—1 කොරින්ති 14:33, 40.

  • ශාඛා කමිටුව පාලක මණ්ඩලයට සහයෝගය දෙන්නේ කොහොමද?

  • ශාඛා කාර්යාලයකින් ඉටු කරන්නේ මොන වගේ වැඩ කොටසක්ද?