25වෙනි පාඩම
අපි නමස්කාර මධ්‍යස්ථාන හදන්නේ ඇයි? ඒවා හදන්නේ කොහොමද?
යේසුස් පොළොවේ ඉද්දී වැඩි අවධානයක් දුන්නේ දේවරාජ්‍යය ගැන මිනිසුන්ට කියලා දෙන්නයි. අද සාක්ෂිකරුවන් හැටියට අපේ ප්‍රධාන වැඩෙත් ඒකයි. අපේ හැම නමස්කාර මධ්‍යස්ථානයක්ම තියෙන්නේ දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙනුයි.—ලූක් 8:1.
සැබෑ දෙවිට නමස්කාර කරන්න රැස් වෙන්නයි. සභාවකට අයිති ප්‍රදේශය පුරා ශුභාරංචිය දේශනා කරන්න සැලසුම් කරන්නෙත් ඒවා ක්‍රියාත්මක කරන්නෙත් නමස්කාර මධ්‍යස්ථානයෙනුයි. (මතෙව් 24:14) අපේ නමස්කාර මධ්‍යස්ථාන පෙනුමෙන් හා ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වුණාට ඒ හැම එකක්ම හරිම චාම් ගොඩනැඟිලි. මෑත කාලේදී අපි නමස්කාර මධ්‍යස්ථාන දහස් ගාණක් ඉදි කරලා තියෙනවා (සාමාන්‍යයක් හැටියට ගත්තොත් දවසට පහක්). ඒකට හේතුව එන්න එන්නම සාක්ෂිකරුවන්ගේ ගාණ වැඩි වෙන නිසයි. ඒත් මෙච්චර නමස්කාර මධ්‍යස්ථාන අපිට ඉදි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?—මතෙව් 19:26.
ඒවා හදන්නේ ඒ වෙනුවෙන්ම ලැබෙන සල්ලිවලින්. ලැබෙන සම්මාදම් ශාඛා කාර්යාලයට යවනවා. ශාඛා කාර්යාලය ඒ සල්ලි අලුතින් නමස්කාර මධ්‍යස්ථාන හදන්නත් ඒවා අලුත්වැඩියා කරන්නත් පාවිච්චි කරනවා.
ඒවා හදන්නේ කිසිම ගෙවීමක් බලාපොරොත්තු වෙන්නේ නැති, කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන සාක්ෂිකරුවන්. ගොඩක් රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කණ්ඩායම් තියෙනවා. ඒගොල්ලෝ එක නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරලා ඉවර වුණාම රටේ අවශ්‍යතාව තියෙන වෙනත් ප්‍රදේශයකට ගිහින් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න හවුල් වෙනවා. ඒ ප්‍රදේශය කොච්චර දුෂ්කර ප්‍රදේශයක් වුණත් එයාලා යනවා. තවත් රටවල නමස්කාර මධ්‍යස්ථාන හදන වැඩ හා අලුත්වැඩියා කටයුතු බලාගන්න සුදුසුකම් තියෙන සාක්ෂිකරුවන්ව පත් කරලා තියෙනවා. ඉදි කිරීම් වැඩ ගැන ශිල්පීය දැනුමක් තියෙන හුඟදෙනෙක් නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරද්දී ඒවාට කැමැත්තෙන්ම හවුල් වුණත් ඉදි කිරීමේ වැඩවලින් වැඩි හරියක් කරන්නේ ඒ ඒ සභාවල ඉන්න අයයි. නමස්කාර මධ්‍යස්ථානයක් සාර්ථකව හදන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවිගේ උපකාර හා ඔහුගේ සේවකයන්ගෙන් ලැබෙන සහයෝගය නිසයි.—ගීතාවලිය 127:1; කොලොස්සි 3:23.
-
සාක්ෂිකරුවන්ට ලොව පුරාම නමස්කාර මධ්‍යස්ථාන හදන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?