Skip to content

පටුනට යන්න

26වෙනි පාඩම

නමස්කාර මධ්‍යස්ථාන ලස්සනට තියාගන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

නමස්කාර මධ්‍යස්ථාන ලස්සනට තියාගන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

එස්තෝනියාව

සිම්බාබ්වේ

මොංගෝලියාව

පෝටෝ රිකෝ

අපේ රැස්වීම් පවත්වන තැන්වලට කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන කියලයි. ඒ නිසා අපේ හැම නමස්කාර මධ්‍යස්ථානයක්ම සැබෑ දෙවිගේ නම දරනවා කියලා කියන්න පුළුවන්. නමස්කාර මධ්‍යස්ථාන සුද්ද පවිත්‍ර කරන එක, නඩත්තු කරන එක වැදගත් දෙයක් හැටියටත් ඒක අපේ නමස්කාරයේ කොටසක් හැටියටත් අපි සලකන්නේ ඒ හින්දයි. ඒ වැඩවලට රැස්වීම්වලට එන ඕනම කෙනෙක්ට හවුල් වෙන්න පුළුවන්.

පිරිසිදු කරන වැඩවලට කැමැත්තෙන්ම හවුල් වෙන්න. හැම රැස්වීමකටම පස්සේ සහෝදර සහෝදරියන් හරිම සතුටින් නමස්කාර මධ්‍යස්ථානය අස්පස් කරනවා. ඒ වගේම සතියකට සැරයක් ශාලාව සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න සැලසුම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ වැඩ බලාගන්නේ වැඩිමහල්ලෙක් නැත්නම් සහායක සේවකයෙක්. සතියකට සැරයක් කරන පිරිසිදු කිරීමේ වැඩවලට ශාලාව අතු ගාලා මොප් කරන එක, දූවිලි පිහදාන එක, පුටු පිළිවෙළකට හදන එක, විෂබීජ නාශක දාලා වැසිකිළි හොඳට පිරිසිදු කරන එක, දොරවල් ජනෙල් පිහදාන එක, කුණු කසළ අයින් කරන එක, වත්ත අස්පස් කරන එක අයිති වෙනවා. අවුරුද්දකට සැරයක් නමස්කාර මධ්‍යස්ථානයේ අස්සක් මුල්ලක් නෑරම සුද්ද පවිත්‍ර කරන්නත් සැලසුමක් තියෙනවා. ඒ වගේ පිරිසිදු කරන වැඩවලට දරුවන්වත් හවුල් කරගන්නවා නම් පුංචි කාලේ ඉඳලම නමස්කාර මධ්‍යස්ථානය ගැන අගයක් එයාලගේ හිත්වල ඇති කරන්න පුළුවන්.—දේශනාකාරයා 5:1.

අලුත්වැඩියා කටයුතුවලට උදව් කරන්න. මොනවා හරි අලුත්වැඩියා කරන්න ඕනද කියලා දැනගන්න අවුරුද්දකට සැරයක් නමස්කාර මධ්‍යස්ථානයේ ඇතුල් පැත්තයි එළියයි හොඳට පරීක්ෂා කරලා බලනවා. ඒ විදිහට පරීක්ෂා කරන එකෙන් නමස්කාර මධ්‍යස්ථානය හොඳ තත්වයක තියාගන්න නිතිපතා කරන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා දැනගන්න පුළුවන්. ඒකෙන් ලොකු වියදමක් යන අලුත්වැඩියා කටයුතු අඩු කරගන්න පුළුවන්. (2 ලේකම් 24:13; 34:10) දෙවිට නමස්කාර කරන්න අපි රැස් වෙන ස්ථානය පිරිසිදුව හා පිළිවෙළකට තියෙන එක හරිම වැදගත්. ඒ නිසා අපි පිරිසිදු කරන වැඩවලට, අලුත්වැඩියා වැඩවලට හවුල් වෙද්දී ඒකෙන් පෙන්නන්නේ අපි යෙහෝවා දෙවිට ගෞරව කරනවා කියලයි. ඒ වගේම නමස්කාර කරන්න රැස් වෙන තැන අපිට ගොඩක් වටිනවා කියලයි. (ගීතාවලිය 122:1) ඒ විතරක් නෙමෙයි අපේ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව, පිළිවෙළකට තියෙද්දී ඒක දකින අයට සාක්ෂිකරුවන් ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා.—2 කොරින්ති 6:3.

  • අපේ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව හා පිළිවෙළට තියාගන්න ඕනේ ඇයි?

  • නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්න තියෙන සැලසුම් මොනවාද?