Skip to content

පටුනට යන්න

27වෙනි පාඩම

නමස්කාර මධ්‍යස්ථානයේ පුස්තකාලෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?

නමස්කාර මධ්‍යස්ථානයේ පුස්තකාලෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?

ඊශ්‍රායලය

චෙක් ජනරජය

බෙනින්

කේමන් දූපත්

බයිබල් පදයක් ගැන, බයිබලේ කතා කරන කෙනෙක් ගැන, තැනක් ගැන නැත්නම් වෙන මොනවා හරි දෙයක් ගැන ඔයාට විස්තර දැනගන්න කැමතිද? ඔයාට තියෙන මොකක් හරි ප්‍රශ්නෙකට බයිබලේ තියෙන උත්තරේ දැනගන්න ඔයා කැමතිද? නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන පුස්තකාලේ ඒකට ඔයාට උදව්වක් වෙයි.

තොරතුරු හොයලා බලන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ හැම ප්‍රකාශනයක්ම ඔයා ළඟ නැතුව ඇති. ඒත් නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන පුස්තකාලේ මෑත කාලවල ආපු සඟරා, පොත් පත් හැම එකක්ම වගේ තියෙනවා. ඒ වගේම බයිබල් පරිවර්තන කීපයක්, ශබ්දකෝෂයක්, වෙනත් පොත් තියෙන්න පුළුවන්. ඔයාට පුළුවන් රැස්වීම් පටන්ගන්න ඉස්සෙල්ලා හරි ඉවර වුණාට පස්සේ හරි පුස්තකාලේට ගිහින් ඒකේ තියෙන පොත් කියවලා බලන්න. සමහර සභාවල තියෙන පුස්තකාලේ Watchtower Library කියන කොම්පියුටර් වැඩසටහන පාවිච්චි කරන්න කොම්පියුටර් එකක් දාලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ අපි පළ කරලා තියෙන සඟරා, පොත් පත් ගොඩක් ඒ වැඩසටහනෙන් බලන්න පුළුවන්. ඔයාට මොකක් හරි විෂයක් ගැන හරි වචනයක් ගැන හරි බයිබල් පදයක් ගැන හරි දැනගන්න ඕන නම් ඒ වැඩසටහනෙන් ඉක්මනට ඒවා හොයාගන්නත් පුළුවන්.

ජීවිතය සහ දේවසේවය රැස්වීමේ පැවරුම් ලැබෙද්දී ඒවාට තොරතුරු හොයාගන්න පුළුවන්. ඔයාට හම්බ වෙන පැවරුම්වලට තොරතුරු හොයන්න පුස්තකාලේ තියෙන පොත් පත් ඔයාට ලොකු උදව්වක් වෙයි. ජීවිතය සහ දේවසේවය රැස්වීම මෙහෙයවන සහෝදරයා තමයි පුස්තකාලේ බලාගන්නේ. අලුතෙන් ආපු පොත් පත්, සඟරා පුස්තකාලේ තියෙනවාද කියලා බලන එක, පුස්තකාලේ පිළිවෙළට තියාගන්න එක එයාගේ වගකීමක්. ඔයාට දැනගන්න ඕන තොරතුරු පුස්තකාලේ තියෙන දේවල් පාවිච්චි කරලා හොයාගන්නේ කොහොමද කියලා ඒ සහෝදරයාගෙන් හරි ඔයාත් එක්ක බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කරන කෙනාගෙන් හරි අහන්න. හැබැයි පුස්තකාලේ තියෙන පොත් පත්, සඟරා ගෙදර ගෙනි යන්න එපා. ඒවා පරෙස්සමින් පාවිච්චි කරන්න. පිටුවල ලියන්නවත් ඉරි ගහන්නවත් එපා.

බයිබලේ කියන්නේ, ‘දෙවිව දැන හඳුනා ගන්න’ නම් ‘සැඟවුණු නිධානයක් සොයන්න’ වෙහෙසෙනවා වගේ බයිබලේ තියෙන දේවල් හොයන්න අපි ලොකු උත්සාහයක් දරන්න ඕනේ කියලයි. (හිතෝපදේශ 2:1-5) ඒ දේ කරන්න නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන පුස්තකාලේ අපිට ලොකු උදව්වක්.

  • තොරතුරු හොයලා බලන්න උදව් වෙන මොන මොන දේවල්ද පුස්තකාලයේ තියෙන්නේ?

  • පුස්තකාලේ තියෙන පොත් පත්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලා ඔයාට දැනගන්න පුළුවන් කාගෙන්ද?