Skip to content

පටුනට යන්න

28වෙනි පාඩම

සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවියේ තියෙන්නේ මොන වගේ දේවල්ද?

සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවියේ තියෙන්නේ මොන වගේ දේවල්ද?

ප්‍රංශය

පෝලන්තය

රුසියාව

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ, “ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි” කියලයි. (මතෙව් 5:16) ඒ දේ කරන්න ඉන්ටර්නෙට් වගේ නවීන තාක්ෂණ ක්‍රම අපි යොදාගන්නවා. jw.org තමයි අපේ නිල වෙබ් අඩවිය. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන හා එයාලා ලොව පුරා කරන සේවය ගැන විස්තර ඒකෙන් දැනගන්න පුළුවන්.

හුඟදෙනෙක් කල්පනා කරන ප්‍රශ්නවලට බයිබලේ දීලා තියෙන උත්තර ඒකේ තියෙනවා. උදාහරණයකට ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ සහ ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ කියන පත්‍රිකා භාෂා 600කට වඩා වැඩි ගාණකින් අපේ වෙබ් අඩවියේ තියෙනවා. ඒ වගේම අපේ වෙබ් අඩවියට පිවිසුණොත් නව ලොව පරිවර්තනයත් භාෂා 130කට වඩා වැඩි ගාණකින් කියවන්න පුළුවන්. බයිබලේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොතත් ඒ වගේ තවත් පොත් කීපයකුත් අලුත්ම මුරටැඹ හා පිබිදෙව්! සඟරාත් වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙනවා. අපේ ප්‍රකාශන ගොඩක් ඔන්ලයින් එකේ කියවන්න හරි අහන්න හරි නැත්නම් MP3, PDF, EPUB ෆයිල් හැටියට ඩවුන්ලෝඩ් කරගන්න හරි පුළුවන්. උනන්දුව දක්වන කෙනෙක්ට අපේ ප්‍රකාශනයක තියෙන ලිපියක් දෙන්න ඔයා කැමති නම් ඒ ලිපියේ පිටපතක් වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්. සංඥා භාෂා ගණනාවකින් තියෙන විඩියෝ පටත් ලබාගන්න පුළුවන්. ඔයාට කැමති වෙලාවලදී අහන්න නාට්‍යමය ආකාරයෙන් කියවන බයිබල් කොටස්, බයිබල් නාට්‍යය හා අපේ ගීතිකාවල සංගීතය ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

සාක්ෂිකරුවන් ගැන විස්තර ඒකේ තියෙනවා. ලොව පුරා අපි කරන සේවය ගැන, සාක්ෂිකරුවන්ට බලපාන වෙනත් සිදුවීම් ගැන හා විපත්තිවලට මුහුණ දෙන අයට උපකාර කරන්න අපි යොදලා තියෙන සැලසුම් ගැන අලුත්ම තොරතුරු වගේම වීඩියෝ දර්ශන අපේ වෙබ් අඩවියේ තියෙනවා. සමුළු තියෙන තැන් හා දවස් ගැන විස්තරත් ශාඛා කාර්යාලවල ලිපිනයනුත් ඒකෙන් හොයාගන්න පුළුවන්.

නවීන තාක්ෂණය පාවිච්චි කරලා අපිට පුළුවන් වෙලා තියෙනවා බයිබලේ තියෙන සත්‍ය තොරතුරු ඇන්ටාක්ටිකාව වගේ පොළොවේ දුර ඈත කෙළවරවල ඉන්න මිනිසුන්ටත් දැනගන්න උදව් කරන්න. ඒ විදිහට අපේ ආලෝකය විහිදුවන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි යාච්ඤා කරන්නේ මුළු පොළොව පුරාම ‘යෙහෝවා දෙවිගේ පණිවිඩය ශීඝ්‍ර ලෙස පැතිරෙන්න’ කියලයි.—2 තෙසලෝනික 3:1.

  • jw.org කියන වෙබ් අඩවිය බයිබලේ තියෙන සත්‍ය තොරතුරු දැනගන්න මිනිසුන්ට උදව් කරන්නේ කොහොමද?

  • අපේ වෙබ් අඩවියෙන් ඔයා දැනගන්න කැමති මොනවාද?