Skip to content

පටුනට යන්න

වමේ: කොරියාවේ පූර්ණකාලීනව දෙවිට සේවය කරපු සහෝදරියක් 1931දී ශුභාරංචිය දැනුම් දෙමින්; දකුණ: සංඥා භාෂාවෙන් කොරියාවේ ශුභාරංචිය දැනුම් දෙන ගමන්

2වෙනි කොටස

රාජ්‍යය ගැන දේශනා කරයි

රාජ්‍යය ගැන දේශනා කරයි

නිවාඩු දවසේ උදෙන්ම ඔබ දේශනා සේවයේ යන්න සූදානම් වෙනවා. හැබැයි ටිකක් මහන්සි ගතියක් දැනෙන නිසා අද ගෙදර ඉන්න තිබුණා නම් හොඳයි කියලත් ඔබට හිතෙනවා. ඒත් ඔබ ඉක්මනින්ම යාච්ඤාවක් කරලා සේවයේ යන්න පිටත් වෙනවා. ඔබට වැඩ කරන්න ලැබෙන්නේ කාලයක් තිස්සේ දෙවිට විශ්වාසවන්තව ඉන්න වැඩිහිටි සහෝදරියක් එක්ක. ඒ සහෝදරියගේ විඳදරාගැනීම සහ කරුණාවන්තකම ඔබේ හිතට තදින්ම කාවදිනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ගෙයින් ගෙට ගිහින් සත්‍ය පණිවිඩය ගැන මිනිසුන්ට කියද්දී ඔබට මතක් වෙනවා ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් ඔබ ඉදිරිපත් කරන ප්‍රකාශනම පාවිච්චි කරලා සත්‍ය පණිවිඩය ගැන මිනිසුන්ට කියනවා නේද කියලා. ඔබ සේවය නතර කරන වෙලාව එද්දී සේවයේ තවත් වැඩියෙන් හවුල් වෙන්න ඔබට ලොකු ආශාවක් ඇති වෙලා. මුලදී මහන්සියක් දැනුණත් ගෙදර ඉන්නේ නැතුව සේවයේ හවුල් වුණු එක ගැන ඔබට දැනෙන්නේ පුදුම සතුටක්.

දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන් අද සිද්ධ වෙන වැදගත්ම කාර්යය තමයි දේශනා සේවය. අවසාන කාලයේදී වෙන කවරදාකටත් වඩා වැඩියෙන් පොළොව පුරාම දේශනා සේවය සිද්ධ වෙනවා කියලා යේසුස් කලින්ම කිව්වා. (මතෙ. 24:14) යේසුස් කියපු ඒ දේ ඉටු වෙලා තියෙන්නේ කොහොමද? මිලියන ගණන් සෙනඟකට ශුභාරංචිය කියන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු අය ගැනත් ඒ අය පාවිච්චි කරපු ක්‍රම සහ දේවල් ගැනත් මේ කොටසෙන් දැනගන්න පුළුවන්.

මේ කොටසේ

6වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දේශනා කරන සෙනඟක් - දෙවිගේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි

අවසාන කාලයේදී ශුභාරංචිය දේශනා කරන්න දෙවිගේ සේවකයන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා කියලා යේසුස් විශ්වාස කළේ ඇයි? රාජ්‍යය ගැන සත්‍යය දැනගන්න ලැබුණු එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

7වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දැනුම් දෙන ක්‍රම - වැඩිදෙනෙක්ට දැනුම් දෙන්න පියවර ගනියි

අවසානය එන්න කලින් වැඩිදෙනෙකුට ශුභාරංචිය ගැන දැනුම් දෙන්න දෙවිගේ සෙනඟ පාවිච්චි කරලා තියෙන ක්‍රම ගැන දැනගන්න.

8වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන දේවල් - හැමෝටම ශුභාරංචිය දැනුම් දෙන්න ප්‍රකාශන නිකුත් කරයි

අපේ පරිවර්තන වැඩකටයුතු දිහා බලද්දී අපිට යේසුස්ගේ උපකාරය තියෙනවා කියලා ඔප්පු වෙන්නේ කොහොමද? දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා අපේ ප්‍රකාශනවලින් ඔප්පු වෙන්නේ කොහොමද?

9වෙනි පරිච්ඡේදය

දේශනා සේවයේ ප්‍රතිඵල - “අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්”

පොළොවේ අස්වැන්න නෙළන වැඩේ ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට වැදගත් කරුණු දෙකක් ඉගැන්නුවා. ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?