Skip to content

පටුනට යන්න

වමේ: 1926දී බෘක්ලින් බෙතෙල් පවුල අන්තිම වතාවට නත්තල සැමරුවා; දකුණ: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වෙනස හැමෝටම පේනවා

3වෙනි කොටස

දෙවිගේ සේවකයන්ව පවිත්‍ර කරයි

දෙවිගේ සේවකයන්ව පවිත්‍ර කරයි

ඔබ ගමනක් යද්දී ඔබේ අසල්වැසියෙක්ව ඔබ දකිනවා. ඒ නිසා ඔබ ටිකකට නතර වෙලා එයත් එක්ක කතා කරනවා. ඒ කෙනා ඔබෙන් මෙහෙම අහනවා. “මං ඔයාගෙන් අහන්නමයි හිටියේ. ඕගොල්ලන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නේද? ඇයි ඕගොල්ලන් අනිත් අයට වඩා හුඟක් වෙනස්?” එතකොට ඔබ එයාගෙන් අහනවා “ඔයා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද” කියලා. “මං කිව්වේ ඔයාලා අනිත් ආගම්වල ඉන්න අය පවත්වන කිසිම උත්සවයක් සමරන්නේ නැහැ, දේශපාලනයටවත් යුද්ධවලටවත් හවුල් වෙන්නේ නැහැ. සිගරට් බොන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔයාගේ පවුලේ හැමෝම ළඟ හුඟක් හොඳ ගතිගුණ තියෙනවා. මොකක්ද ඒකට හේතුව?”

ඒකට උත්තරේ අපි හැමෝම දන්නවා. අපි දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන්. අපේ රජ අපිව දිගටම පවිත්‍ර කරනවා. ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්නත් මේ දුෂ්ට ලෝකයට සමාන නොවී ඉන්නත් ඔහු අපිට උදව් කරනවා. අපි මේ කොටසින් බලන්නේ අපේ නමස්කාරය පවිත්‍රව තියාගන්න, සදාචාරමය අතින් පවිත්‍රව ඉන්න සහ සංවිධානය ඇතුළේ සමහර වෙනස්කම් කරන්න දෙවිගේ රාජ්‍යය උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලයි. ඒ හැම දේකින්ම යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙලා තියෙනවා.

මේ කොටසේ

10වෙනි පරිච්ඡේදය

සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න රජ උදව් කරයි

නත්තලේ සහ කුරුසයේ තියෙන සමානකම මොකක්ද?

11වෙනි පරිච්ඡේදය

සදාචාරමය අතින් පවිත්‍ර කරයි - ශුද්ධ දෙවිව ආදර්ශයට ගන්න සෙනඟක්

එසකියෙල් දර්ශනයෙන් දැක්ක දේවමාලිගාවේ මුරකුටි සහ දොරටු, 1914න් පස්සේ හිටිය දෙවිගේ සෙනඟට අදාළ වෙන විදිහ.

12වෙනි පරිච්ඡේදය

“සමාදානයේ දෙවිට” සේවය කරන්න සංවිධානය වෙයි

බයිබලයේ අවුල්සහගත කියන වචනයේ විරුද්ධ පදය හැටියට සඳහන් කරලා තියෙන්නේ නිරවුල් හෝ පිළිවෙළ කියන වචනය නෙවෙයි. ඒ වෙනුවට සමාදානය කියන වචනයයි. ඒ ඇයි? ඒකෙන් අපිට තියෙන පාඩම මොකක්ද?