Skip to content

පටුනට යන්න

වම: 1945දී නෙදර්ලන්තයේ අයින්ඩෝවන් නගරයේ සේවයේ හවුල් වුණු සහෝදරයෙක්ව අත්අඩංගුවට ගනිමින්; දකුණ: ඔබ ජීවත් වෙන රටේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නීතියෙන් තහවුරු කරලා තියෙනවාද?

4වෙනි කොටස

දෙවිගේ රාජ්‍යය නිසා ජයග්‍රහණ ලබයි

දෙවිගේ රාජ්‍යය නිසා ජයග්‍රහණ ලබයි

ඔබ දැන් ඉන්නේ කෙනෙකුට සාක්ෂි දරන ගමන්. ඈතින් පොලිස් වාහනයක නළා හඬක් ඔබට ඇහෙනවා. ටික වෙලාවකින් ඒ පොලිස් වාහනය ඔබ ළඟින් නතර කරනවා. වාහනයෙන් බැහැලා එන පොලිස් නිලධාරියෙක් ඊළඟට ඔබෙන් මෙහෙම අහනවා. “ඔය දෙන්නාද මේ ගෙවල් ගානේ ගිහින් බයිබලේ ගැන දේශනා කරනවා කියන්නේ? මේ පැත්තේ අය අපිට ඒ ගැන පැමිණිලි කරලා තියෙනවා.” ඒ වෙලාවේ ඔබ හරිම සන්සුන් විදිහට අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා ඔහුට පැහැදිලි කරනවා. ඊළඟට මොනවා වෙයිද?

ඒක තීරණය වෙන්නේ ඔබ ජීවත් වෙන රටේ පාලනය කරන ආණ්ඩුවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන හැඟෙන විදිහ අනුවයි. පහුගිය කාලය පුරාම ඔබ ජීවත් වෙන රටේ ආණ්ඩුව සාක්ෂිකරුවන් හා සම්බන්ධ කාරණාවලදී කටයුතු කරලා තියෙන්නේ කොහොමද? ඔබ ජීවත් වෙන රටේ ආගමික නිදහස තියෙනවාද? එහෙම තියෙනවා නම් ඒකට එක ප්‍රධාන හේතුවක් වෙන්න ඇත්තේ ඔබේ රටේ ජීවත් වන සහෝදර සහෝදරියන් “ශුභාරංචිය වෙනුවෙන් කතා කර එය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීමට” මහන්සි වෙලා වැඩ කරපු එක වෙන්න ඇති. (ෆිලි. 1:7) අපි මොන රටක ජීවත් වුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලබලා තියෙන නීතික ජයග්‍රහණ ගැන හිතන එකෙන් අපිව හුඟක් ශක්තිමත් වෙනවා. ඒ වගේ නීතික ජයග්‍රහණ කිහිපයක් ගැන මේ කොටසින් අපි බලමු. දෙවිගේ රාජ්‍යය ඇත්ත ආණ්ඩුවක් කියලා ඒ වගේ ජයග්‍රහණවලින් පැහැදිලි වෙනවා. දෙවිගේ රාජ්‍යය නැතුව අපිට කවදාවත් ඒ ජයග්‍රහණ ලබන්න බැහැ.

මේ කොටසේ

13වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් අධිකරණයේ පෙනී සිටියි

මේ කාලයේදීත් දෙවිගේ සෙනඟ වෙනුවෙන් ගමාලියෙල් වගේ නිර්භීතව කතා කරන විනිසුරුවන් ඉන්නවා.

14වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව සිටියි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ආපු පීඩා “ගංගාව” පොළොව ගිල දැම්මා.

15වෙනි පරිච්ඡේදය

නමස්කාර කරන්න තියෙන අයිතිය රැකගන්න ගත්ත උත්සාහය

දෙවිගේ නීතිවලට එකඟව ක්‍රියා කරන්න තියෙන අයිතිය වෙනුවෙන් දෙවිගේ සෙනඟ සටන් කරලා තියෙනවා.