Skip to content

පටුනට යන්න

3වෙනි කොටස

යේසුස් ගලීලයේදී කළ සේවය

‘යේසුස් “ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” කියා පවසමින් දේශනා කරන්න පටන්ගත්තේය.’—මතෙව් 4:17

යේසුස් ගලීලයේදී කළ සේවය

මේ කොටසේ

20වෙනි පරිච්ඡේදය

කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය

කිලෝමීටර් 26ක විතර දුරකින් හිටිය දරුවෙක්ව යේසුස් සුව කළා.

21වෙනි පරිච්ඡේදය

නාසරෙත්වල සිනගෝගයේදී

යේසුස් හැදී වැඩුණු ගමේ අය කේන්ති ගිහින් එයාව මරන්න හැදුවේ ඔහු කියපු මොන දේවල් නිසාද?

22වෙනි පරිච්ඡේදය

යේසුස් ගෝලයන් හතරදෙනෙක්ට ආරාධනා කරයි

ධීවර කර්මාන්තය අත්හැරලා දිගටම තමන් එක්ක සේවය කරන්න එන්න කියලා යේසුස් තම ගෝලයන්ට ආරාධනා කරයි.

23වෙනි පරිච්ඡේදය

යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි

යේසුස් භූතයන්ව දුරු කරද්දී තමන් දෙවිගේ පුත්‍රයා කියලා භූතයන් කිව්වාම ඔහු ඔවුන්ව නිහඬ කළා. ඒ ඇයි?

24වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දේශනා කරන්න යේසුස් ගලීලයට යයි

මිනිසුන් අසනීප සුව කරගන්න යේසුස් ළඟට ආවත් තමන් පොළොවට ආපු අරමුණ ගැන යේසුස් පැහැදිලි කරනවා.

25වෙනි පරිච්ඡේදය

යේසුස් දයානුකම්පිතව ලාදුරු රෝගියෙක්ව සුව කරයි

යේසුස් අසනීප අය ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා ඔහු ලාදුරු රෝගියාව සුව කරද්දී කියපු දෙයින් පැහැදිලි වෙනවා.

26වෙනි පරිච්ඡේදය

“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”

අසනීප සහ පාපය අතර ඇති සම්බන්ධය ගැන මේ සිද්ධියෙන් අපිට පැහැදිලි වෙන්නේ මොනවාද?

27වෙනි පරිච්ඡේදය

මතෙව්ට ආරාධනාවක් ලැබෙයි

පව්කාරයන් එක්ක ඉඳන් යේසුස් කෑම කන්නේ ඇයි?

28වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ ඇයි?

වයින් දාන සම් භාජන ගැන නිදර්ශනයකින් යේසුස් උත්තරේ පැහැදිලි කරනවා.

29වෙනි පරිච්ඡේදය

සබත් දවසේ යහපත් වැඩක් කරන්න පුළුවන්ද?

අවුරුදු 38ක් පුරා අසනීපයෙන් හිටපු කෙනෙකුව යේසුස් සුව කරපු නිසා යුදෙව්වන් ඔහුට පීඩා කරන්නේ ඇයි?

30වෙනි පරිච්ඡේදය

යේසුස්ට පියාණන් සමඟ තිබෙන බැඳීම

යේසුස් තමාව දෙවියන්ට සමාන කරනවා කියලා යුදෙව්වන් පැවසුවත් දෙවියන් තමන්ට වඩා උසස් කියා යේසුස් පැහැදිලිවම කියයි.

31වෙනි පරිච්ඡේදය

ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි

සබත් දවස පවතින්නේ තමන්ගේ “බලය යටතේ” කියලා යේසුස් කිව්වේ ඇයි?

32වෙනි පරිච්ඡේදය

සබත් දවසේ කරන්න හොඳ මොන වගේ දේවල්ද?

පරිසිවරුන් සහ සද්දුසිවරුන් කියන ආගමික කණ්ඩායම් දෙක අතරේ කිසිම එකමුතුකමක් තිබුණේ නැති වුණත් එක කාරණයකදී විතරක් එකා මෙන් වැඩ කරනවා.

33වෙනි පරිච්ඡේදය

යෙසායාගේ අනාවැකිය ඉටු කරයි

තමන් කවුද කියාවත් තමන් කළේ මොනවාද කියාවත් අනිත් අයට කියන්න එපා කියලා සුවය ලබපු අයට යේසුස් අණ කළේ ඇයි?

34වෙනි පරිච්ඡේදය

යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි

නියෝජිතයෙක් සහ ගෝලයෙක් අතර ඇති වෙනස මොකක්ද?

35වෙනි පරිච්ඡේදය

සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය

යේසුස් දීපු දේශනයේ මූලික කරුණු ගැන දැනගන්න.

36වෙනි පරිච්ඡේදය

හමුදා නිලධාරියාගේ විශ්වාසය

යේසුස් පුදුම වෙන්නේ හමුදා නිලධාරියා කියපු මොන දේ නිසාද?

37වෙනි පරිච්ඡේදය

යේසුස් වැන්දඹුවකගේ පුත්‍රයාව නැවත නැඟිටුවයි

යේසුස් කරපු පුදුම ක්‍රියාව දකින අය දෙවිට ප්‍රශංසා කරයි

38වෙනි පරිච්ඡේදය

යොහන් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අසයි

යේසුස් මෙසියස්ද කියලා යොහන් බව්තීස්ත අහන්නේ ඇයි? ඔහුට සැකයක් ඇති වෙලාද?

39වෙනි පරිච්ඡේදය

සිත් දැඩි කරගත් පරම්පරාවක්

තමන් නතර වෙලා සේවය කරපු කපර්ණවුමට විනිශ්චය දවසේදී ලැබෙන දඬුවම සොදොම් නුවරේ වැසියන්ට ලැබුණු දඬුවමට වඩා දරුණු වෙනවා කියලා යේසුස් කියනවා.

40වෙනි පරිච්ඡේදය

සමාව දීම ගැන පාඩමක්

පව්කාර ජීවිතයක් ගත කරපු ස්ත්‍රියකට යේසුස් සමාව දුන්නේ දෙවිගේ නීති කඩ කරන එකේ වරදක් නැහැ කියලා අඟවන්නද?

41වෙනි පරිච්ඡේදය

ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?

යේසුස්ගේ සිහිවිකල් වෙලා කියා ඔහුගේ සහෝදරයන් සිතනවා.

42වෙනි පරිච්ඡේදය

යේසුස් පරිසිවරුන්ට තදින් කතා කරයි

අනගතවක්තෘ“යෝනාගේ ලකුණ” මොකක්ද?

43වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය ගැන උපමා

ස්වර්ග රාජ්‍යය සම්බන්ධ විවිධ කරුණු යේසුස් උපමා අටකින් පැහැදිලි කරයි.

44වෙනි පරිච්ඡේදය

යේසුස් බිහිසුණු කුණාටුවක් නිහඬ කරයි

යේසුස් කැලඹුණු සුළඟ සහ මුහුද නිහඬ කරපු එකෙන් අනාගතයේදී ඔහු පාලනය කරන කාලය මොන වගේ වෙයිද කියලා පැහැදිලි කළා.

45වෙනි පරිච්ඡේදය

භූතයන් බොහෝදෙනෙකුව දුරු කරයි

එක මිනිසෙකුට භූතයන් කිහිපදෙනෙක් ආවේශ වෙන්න පුළුවන්ද?

46වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ වස්ත්‍රය අල්ලා සුව වෙයි

යේසුස් දයානුකම්පිත, බලවත් කෙනෙක් කියලා අසනීපයෙන් සිටි ස්ත්‍රියක් සුව කළ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

47වෙනි පරිච්ඡේදය

මිය ගිය දැරියකට නැවත ජීවිතය ලැබෙයි

මිය ගිය දරුවා නිදාගෙන ඉන්නවා විතරයි කියලා යේසුස් කියද්දී මිනිසුන් හිනා වුණා. යේසුස් දැනගෙන හිටියේ ඔවුන් දන්නේ නැති මොන දේ ගැනද?

48වෙනි පරිච්ඡේදය

නාසරෙත් නුවරේදී පිළිගැනීමක් නොලැබෙයි

යේසුස්ගේ ඉගැන්වීම් අහපු, යේසුස් කළ ආශ්චර්යයන් දැකපු නාසරෙත්වල මිනිසුන් යේසුස්ව පිළි නොගන්න හේතුවක් තිබුණා.

49වෙනි පරිච්ඡේදය

ගලීලයේ දේශනා කරමින් නියෝජිතයන්ව පුහුණු කරයි

“ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” කියලා යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?

50වෙනි පරිච්ඡේදය

පීඩා මැද දේශනා කරන්න සූදානම් කරයි

මරණයට බය වෙන්න එපා කියලා කියපු යේසුස් පීඩා එද්දී වෙන ගමකට යන්න කියලා කිව්වේ ඇයි?

51වෙනි පරිච්ඡේදය

උපන් දින උත්සවයකදී මිනී මැරුමක්

සලෝමි ඉදිරිපත් කරපු නැටුම නිසා ලොකු වින්දනයක් ලැබුව හෙරොද් ඇය කැමති දෙයක් දෙන්න පොරොන්දු වෙනවා. ඇය ඉල්ලුවේ මොකක්ද?

52වෙනි පරිච්ඡේදය

කෑම ටිකකින් දහස් ගණනකට කන්න දෙයි

යේසුස් කරපු මේ ආශ්චර්යය ගැන සුවිශේෂ පොත් හතරේම සඳහන් වෙනවා.

53වෙනි පරිච්ඡේදය

ස්වාභාවික බලයන් පාලනය කළ හැකි කෙනෙක්

යේසුස් දිය මත ඇවිදපු එකෙනුත් කුණාටුව නතර කරපු එකෙනුත් නියෝජිතයන් ඉගෙනගත්තේ මොන වටිනා පාඩමද?

54වෙනි පරිච්ඡේදය

යේසුස් තමයි “ජීවනය ලබා දෙන ආහාරය”

මිනිසුන් ලොකු වෙහෙසක් දරලා යේසුස්ව හොයාගෙන ආවාම ඔහු ඔවුන්ට තදින් කතා කළේ ඇයි?

55වෙනි පරිච්ඡේදය

මිනිසුන් කම්පනයට පත් වෙයි

යේසුස් කියපු දේ අහලා කම්පනයට පත් වෙන හුඟක් ගෝලයන් ඔහුව අත්හැරලා යනවා.

56වෙනි පරිච්ඡේදය

මිනිසෙක් දූෂ්‍ය වෙන්නේ කොහොමද?

කෙනෙක් දූෂ්‍ය වෙන්නේ කටට ඇතුල් වෙන දෙයින්ද? කටින් පිට වෙන දෙයින්ද?

57වෙනි පරිච්ඡේදය

යේසුස් දැරියක්ව සහ ගොළු මිනිසෙක්ව සුව කරයි

තමන්ගේ ජාතියේ අයව යේසුස් බලු පැටවුන්ට සමාන කරපු එක ගැන ඒ ස්ත්‍රිය කේන්ති නොගත්තේ ඇයි?

58වෙනි පරිච්ඡේදය

යේසුස් මුහුන් ගැන අනතුරු අඟවයි

යේසුස් මුහුන් ගැන කියද්දී ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා ගෝලයන් අන්තිමේදී තේරුම්ගත්තා.

59වෙනි පරිච්ඡේදය

මනුෂ්‍ය පුත්‍රයා කවුද?

ස්වර්ග රාජ්‍යයේ යතුරු මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කවුද? පාවිච්චි කරන්නේ කොහොමද?

60වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස් තේජසට පත් වෙයි

යේසුස් තේජසට පත් වුණු එකෙන් අදහස් වෙන්නේ මොනවාද?

61වෙනි පරිච්ඡේදය

භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි

යේසුස් කිව්වේ භූතයාව දුරු කරන්න බැරි වුණේ විශ්වාසයේ අඩුවක් නිසා කියලයි. ඔහු එහෙම කිව්වේ දරුවා ගැනද, පියා ගැනද නැත්නම් ගෝලයන් ගැනද?

62වෙනි පරිච්ඡේදය

නිහතමානිකම ගැන කදිම පාඩමක්

කුඩා දරුවෙකුගෙන් වැඩිහිටි පුරුෂයන් වැදගත් පාඩමක් ඉගෙනගනියි.

63වෙනි පරිච්ඡේදය

යේසුස් තවත් දේවල් ගැන උපදෙස් දෙයි

සහෝදරයන් අතරේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒක විසඳගන්න උදව් වෙන පියවර තුනක් ගැන යේසුස් පැහැදිලි කරයි.

64වෙනි පරිච්ඡේදය

සමාව දීම කොයි තරම් වැදගත්ද?

අපි කැමැත්තෙන් සමාව දෙන එක දෙවියන් අපෙන් කොයි තරම් බලාපොරොත්තු වෙනවාද කියලා පෙන්වන්න යේසුස් අකාරුණික දාසයෙක් ගැන නිදර්ශනයක් කියයි.

65වෙනි පරිච්ඡේදය

යෙරුසලමට යන අතරතුරේදී උගන්වයි

කෙනෙක්ව යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන එකෙන් වළක්වන්න හේතු වෙන ආකල්ප ගැන යේසුස් සාකච්ඡා තුනකින් කාවද්දයි.