Skip to content

පටුනට යන්න

4වෙනි කොටස

යේසුස් පසු කාලයේදී යුදයේ කළ සේවය

“අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.”—ලූක් 10:2

යේසුස් පසු කාලයේදී යුදයේ කළ සේවය

මේ කොටසේ

66වෙනි පරිච්ඡේදය

පැල් උත්සවය සමරන්න යේසුස් යෙරුසලමට ඇවිත්

යේසුස්ට භූතයෙක් වැහිලා කියලා සෙනඟ හිතුවේ ඇයි?

67වෙනි පරිච්ඡේදය

‘ඒ වගේ උගන්වන මිනිසෙකුව අපි කවදාවත් දැකලා නැහැ’

යුදෙව් මන්ත්‍රණ සභාවේ වැඩිදෙනෙක් යේසුස්ට විරුද්ධ වුණත් එක් කෙනෙක් ඔහු වෙනුවෙන් කතා කරයි.

68වෙනි පරිච්ඡේදය

දෙවිගේ පුත්‍රයා “ලෝකයේ ආලෝකයයි”

“ඔබට නිදහස ලබා දෙනවා” කියලා යේසුස් කිව්වා. නිදහස් වෙන්නේ මොකෙන්ද?

69වෙනි පරිච්ඡේදය

ඔවුන්ගේ පියා ආබ්‍රහම්ද නැත්නම් යක්ෂයාද?

ආබ්‍රහම්ගේ දරුවන්ව හඳුනාගන්න පුළුවන් කොහොමද කියලත් තමාගේ පියා කවුද කියලත් යේසුස් කියයි.

70වෙනි පරිච්ඡේදය

යේසුස් උපතින් අන්ධ වුණු මිනිසෙකුව සුව කරයි

මිනිසෙක් අන්ධ වෙලා ඉපදෙන්නේ ඔහුගේ වරදකින්ද නැත්නම් දෙමාපියන්ගේ වරදකින්ද කියලා ගෝලයන් අහනවා. යේසුස් ඒ මිනිසාව සුව කළාම මිනිසුන්ට ඒක අදහාගන්න බැරි වෙනවා.

71වෙනි පරිච්ඡේදය

පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි

අන්ධව සිටි මිනිසා ඉදිරිපත් කරපු තර්කය බිඳින්න බැරි වුණු නිසා පරිසිවරුන්ට හුඟක් කේන්ති යනවා. අන්තිමේදී ඔවුන් ඒ මිනිසාව සිනගෝගයෙන් නෙරපනවා.

72වෙනි පරිච්ඡේදය

යේසුස් ගෝලයන් 70දෙනෙකුව සේවයට පිටත් කරයි

යුදයේදී යේසුස් ගෝලයන් 70දෙනෙකුව දෙදෙනා බැගින් සේවයට පිටත් කරයි. ඔවුන් දේශනා කරන්නේ සිනගෝගවලද? ගෙවල්වලද?

73වෙනි පරිච්ඡේදය

සැබෑ අසල්වැසියෙක් වූ සමරිතානුවරයෙක්

යේසුස් යහපත් සමරිතානුවරයා ගැන කියපු කතාවෙන් වටිනා පාඩමක් උගන්වයි.

74වෙනි පරිච්ඡේදය

ආගන්තුක සත්කාරය සහ යාච්ඤාව ගැන උගන්වයි

මාර්තා සහ මරියාගේ නිවසට යන යේසුස් ආගන්තුක සත්කාරය ගැන උගන්වනවා. යාච්ඤා කරන්න ඕන විදිහ ගැනත් ඔහු උගන්වනවා.

75වෙනි පරිච්ඡේදය

යේසුස් සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැන කියයි

යේසුස්ට සතුරුකම් කරන අයට දෙවිගේ රාජ්‍යය ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කියනවා. සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැනත් යේසුස් කියනවා.

76වෙනි පරිච්ඡේදය

යේසුස්ට පරිසිවරයෙක් කෑමකට ආරාධනා කරයි

යේසුස් පරිසිවරුන්ගේ සහ නීතිය පිටපත් කරන්නන්ගේ කුහකකම හෙළි කරයි. ඔවුන් මිනිසුන් පිට බර පටවනවා කියලා යේසුස් කිව්වේ ඇයි?

77වෙනි පරිච්ඡේදය

යේසුස් ධන සම්පත් ගැන අනතුරු අඟවයි

විශාල ගබඩාවක් හදන්න හිතන ධනවතෙක් ගැන යේසුස් උපමාවක් කියනවා. ධන සම්පත්වලට වැඩි අවධානයක් දෙන එක ගැන ඔහු ආයෙත් වතාවක් දුන්නේ මොන උපදෙසද?

78වෙනි පරිච්ඡේදය

සූදානමින් සිටිය යුතු විශ්වාසවන්ත සේවකයා

ගෝලයන්ට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන්න යේසුස්ට ලොකු උවමනාවක් තිබුණා. ඒ අයගේ විශ්වාසය ශක්තිමත් කරන්න දාසයා කරන්නේ මොන වගේ වැඩ කොටසක්ද? සූදානමින් ඉන්න දීපු උපදෙස වැදගත් වෙන්නේ ඇයි?

79වෙනි පරිච්ඡේදය

යේසුස් විනාශයක් ගැන අනතුරු අඟවයි

තමන්ට ඇහුම්කන් දෙන අය පසුතැවුණේ නැත්නම් ඔවුන් විනාශ වෙනවා කියලා යේසුස් කියනවා. දෙවියන් එක්ක තියෙන බැඳීම ගැන යේසුස් උගන්වන වටිනා පාඩම ඔවුන් තේරුම්ගනියිද?

80වෙනි පරිච්ඡේදය

යහපත් එඬේරා සහ බැටළු ගාල්

එඬේරෙක්ට තම බැටළුවන් එක්ක තියෙන බැඳීමෙන් යේසුස් සහ ගෝලයන් අතර තියෙන බැඳීම තේරුම්ගන්න පුළුවන්. ගෝලයන් යේසුස් උගන්වන දේවල් තේරුම් අරන් ඔහුව අනුගමනය කරයිද?

81වෙනි පරිච්ඡේදය

පූර්ණ එකඟතාවකින් සිටින දෙදෙනෙක්

යේසුස්ව ප්‍රතික්ෂේප කරන යුදෙව්වන් ඔහු දෙවි කෙනෙක් වෙන්න හදනවා කියලා චෝදනා කරනවා. ඒ චෝදනාව බොරු කියලා යේසුස් ඔප්පු කරනවා.