Skip to content

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

ඔයා හිතන විදිහට ඒක . . .

  • ඔයාගේ හිතේ තියෙන දෙයක්ද?

  • ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක්ද?

  • වෙන මොකක් හරි දෙයක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි.”—දානියෙල් 2:44, ‘නව ලොව පරිවර්තනය.’

“අපට පුත්‍රයෙකු දෙන ලද්දේය. රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.”—යෙසායා 9:6.

ඒක විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන

  • දේවරාජ්‍යයේ ධර්මිෂ්ඨ පාලනය යටතේ ඔයාට හුඟක් ආශීර්වාද ලැබෙනවා.—යෙසායා 48:17, 18.

  • අනාගතයේදී නිරෝගී සෞඛ්‍යයක් සහ සැබෑ සතුට අද්දකින්න පුළුවන් වෙනවා.—එළිදරව් 21:3, 4.

බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. හේතු දෙකක් බලන්න.

  • දේවරාජ්‍යය පොළොව පාලනය කරද්දී සිද්ධ වෙන්නේ මොනවාද කියලා යේසුස් පෙන්නුවා. දේවරාජ්‍යය පොළොවට එන්න කියලත් දෙවියන්ගේ කැමැත්ත පොළොවේ ඉටු වෙන්න කියලත් යාච්ඤා කරන්න යේසුස් ඉගැන්නුවා. (මතෙව් 6:9, 10) ඒ යාච්ඤාවෙන් ඉල්ලන ඒ රාජ්‍යය පොළොවට ආවාම සිද්ධ වෙන්නේ මොනවාද කියලා ඔහු පෙන්නුවා.

    යේසුස් බඩගින්නේ හිටිය අයට කන්න දුන්නා. අසනීප අයව සුව කළා. ඒ වගේම මැරුණු අයට ආයෙත් ජීවිතය දුන්නා. (මතෙව් 15:29-38; යොහන් 11:38-44) ඒ වගේ දේවල් කරපු එකෙන් යේසුස් පෙන්නුවා දේවරාජ්‍යයේ රජු විදිහට අනාගතයේදී ඔහු මිනිසුන් වෙනුවෙන් කරන්නේ මොනවාද කියලා.—එළිදරව් 11:15.

  • දැන් ලෝකෙ සිද්ධ වෙන දේවලින් පැහැදිලි වෙනවා ළඟදීම දේවරාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගන්නවා කියලා. දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලය ළං වෙද්දී පොළොව පුරාම යුද්ධ, සාගත සහ භූමිකම්පා ඇති වෙනවා කියලා යේසුස් කිව්වා.—මතෙව් 24:3, 7.

    ඒ දේවල් අපි අද ලෝකෙ පුරාම දකිනවා. ඒ නිසා ළඟදීම දේවරාජ්‍යයෙන් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳයි කියලා නිසැක වෙන්න පුළුවන්.

මේ ගැන හිතන්න

දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලෙදී ජීවත් වෙන්න ලැබෙන එක මොන වගේ අද්දැකීමක් වෙයිද?

ඒකට උත්තරේ බයිබලයේ ගීතාවලිය 37:29 සහ යෙසායා 65:21-23 යන පදවල සඳහන් වෙනවා.