Skip to content

පටුනට යන්න

ඇයි මේ වගේ දේවල් වෙන්නේ?

ඇයි මේ වගේ දේවල් වෙන්නේ?

පත්තරේ බැලුවත් TV එක බැලුවත් රේඩියෝ එක ඇහුවත් අහන්න දකින්න තියෙන්නේ අපරාධ, යුද්ධ, ත්‍රස්තවාදය වගේ දේවල්. සමහරවිට ලෙඩ දුක් නිසා නැත්නම් ඔයා ආදරේ කරපු කෙනෙක් මැරුණු නිසා ඔයාත් දුකින් ඉන්නවා ඇති.

එහෙනම් මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න.

  • දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මේ වගේ දේවල් වෙන්නේ?

  • ප්‍රශ්න දරාගෙන සතුටින් ඉන්න මට උදව් ගන්න පුළුවන් කාගෙන්ද?

  • හැමෝම සාමයෙන් සතුටින් ඉන්න කාලයක් කවදා හරි එයිද?

ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් හොයාගන්න පුළුවන්.

ඉදිරියේදී දෙවියන් කරන්න යන මේ පුදුමාකාර වෙනස්කම් ගැන බයිබලයේ තියෙනවා.

බයිබලයෙන් ඉගෙනගන්න

කලින් පිටුවල තියෙන දේවල් කියවද්දී ‘ඒවා නම් සුරංගනා කතා’ කියලා ඔයාට හිතුණාද? ඒත් ළඟදීම ඒ දේවල් අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඔහු ඒක කරන විදිහ ගැන බයිබලයේ තියෙනවා.

ඒ විතරක් නෙවෙයි මේ කාලෙදී හිතේ සතුටින් ඉන්න පුළුවන් කොහොමද කියලත් ඒකෙන් ඉගෙනගන්න පුළුවන්. ඔයාගේ හිතට දුකක් දැනෙන්නේ මොන වගේ දේවල් නිසාද? සල්ලි ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, ලෙඩ දුක් වගේ දේවල් නිසාද? නැත්නම් ඔයා ආදරේ කරපු කෙනෙක් මැරුණු නිසාද? ඒ දේවල් දරාගෙන සතුටින් ජීවත් වෙන්න බයිබලයේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රශ්නවලටත් උත්තර බයිබලයේ තියෙනවා.

ඔයා මේ පොත කියවන්නේ ඔයා බයිබලයේ තියෙන දේවල් දැනගන්න ආස නිසයි. ඒකට මේ පොත ඔයාට උදව් වෙයි. හැම පිටුවකම යටින් ඡේදවලට අදාළ ප්‍රශ්න තියෙනවා. බයිබලයේ තියෙන දේවල් තවත් හොඳින් තේරුම්ගන්න ඒවා ඔයාට උදව් වෙයි. මිනිසුන් මිලියන ගාණක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තොරතුරු සාකච්ඡා කරලා ප්‍රයෝජන ලබලා තියෙනවා. ඔයාටත් ඒක අද්දකින්න පුළුවන්. බයිබලයේ තියෙන වටිනා තොරතුරු ඉගෙනගන්න දෙවියන්ගේ උදව් ඔයාට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා!