Skip to content

පටුනට යන්න

5වෙනි ප්‍රශ්නය

ඉස්කෝලේ ළමයි මට කරදර කරනවා නම් මොකද කරන්නේ?

ඉස්කෝලේ ළමයි මට කරදර කරනවා නම් මොකද කරන්නේ?

ඒක දැනගන්න එකේ වැදගත්කම

ඔයා ඒකට මුහුණ දෙන විදිහෙන් තත්වය හොඳ අතට හැරෙන්නත් පුළුවන්, නරක අතට හැරෙන්නත් පුළුවන්.

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. ඉස්කෝලේ ළමයි තෝමස්ට හුඟක් කරදර කරනවා. මීට මාස කිහිපයකට කලින් ළමයෙක් තෝමස් ගැන බොරු ආරංචියක් පතුරුවපු නිසා තෝමස්ට නමක් වැටුණා. සමහර ළමයි එයාගේ පොත් උදුරලා විසි කරනවා. තවත් අය එයාව තල්ලු කරලා මුකුත් කළේ නැහැ වගේ ඉන්නවා. ඒ දේවල් මදිවට ඊයේ රෑ තෝමස්ට තර්ජනය කරලා කෝල් එකක් ආවා. එයා දැන් ඉන්නේ හොඳටම බය වෙලා. එයා ආපහු කවදාවත් ඉස්කොලේ යන්නේ නැහැ කියලා කියනවා.

ඔයා තෝමස් නම් ඔයා මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

බය වෙන්න එපා! ඔයා තනි වෙලා නැහැ. කරදර කරන අයත් එක්ක ගහගන්නේ නැතුව එයාලාව මට්ටු කරන්න ඔයාට පුළුවන්. ඒ කොහොමද?

  • කේන්ති ගන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.” (හිතෝපදේශ 29:11) ඔයා කේන්ති ගන්නේ නැතුව හිටියොත් කිසිම සතුටක් ලැබෙන්නේ නැති නිසා එයාලා ඔයාට හිරිහැර කරන එක නතර කරයි.

  • එකට එක කරන්න එපා. “කාටවත් නපුරට නපුර නොකරන්න” කියලා බයිබලයේ කියලා තියෙනවා. (රෝම 12:17) එකට එක කරන්න ගියොත් වෙන්නේ ප්‍රශ්නේ තවත් දුරදිග යන එකයි.

  • විහින් අමාරුවේ වැටෙන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” (හිතෝපදේශ 22:3) කරදර කරන ළමයිනුත් ඒ වගේ අය ඉන්න තැනුත් මඟහරින්න.

  • හිතන්නේ නැති විදිහේ දෙයක් කරන්න. බයිබලේ මෙහෙම කියනවා. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.” (හිතෝපදේශ 15:1) උදාහරණයකට කවුරු හරි ඔයාට මහතයි කියලා විහිළු කරනවා නම් ඔයාත් පුංචි විහිළුවක් කරන්න. හැබැයි එයාට විහිළු කරන්න යන්න එපා.

  • එතැනින් අයින් වෙන්න. “කේන්ති අරන් මුකුත් කරන්නේ නැතුව ඉන්න එකෙන් ඔයා කලබල නැති, ඉක්මනින් සැලෙන්නේ නැති, ඔයාවම පාලනය කරගන්න පුළුවන් කෙනෙක් කියලා ඔප්පු වෙනවා. හැබැයි ඒ එකක්වත් කරදර කරන කෙනාට නැහැ.” එහෙම කිව්වේ අවුරුදු 19ක් වයස නෝරා.—2 තිමෝති 2:24.

  • ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න. ඔයා, ඔයා ගැන හිතන්නේ අඩුවෙන් නම් ඒක කරදර කරන අයටත් තේරෙනවා. මොනා කෙරුවත් ඔයා කට වහගෙන ඉඳියි කියලා එයාලා හිතයි. ඒත් ඔයා, ඔයා ගැන විශ්වාසයක් ඇතුව වැඩ කරනවා නම් අනිත් අය ඔයාට කරදර කරන එකක් නැහැ.

  • කාට හරි කියන්න. පළපුරුදු ගුරුවරියක් මෙහෙම කියනවා. “කෙනෙක් ඔයාට හිරිහැර කරනවා නම් වැඩිහිටියෙක්ට කියන්න. ඒකෙන් තව ළමයෙක්ට කරදරයක් වෙන එක වළක්වන්න පුළුවන්.”

ඔයාට ඔයා ගැන තියෙනවා වගේ විශ්වාසයක් ඔයාට කරදර කරන කෙනාට තමන් ගැන නැහැ