Skip to content

පටුනට යන්න

1වෙනි පාඩම

දෙවි අහසත් පොළොවත් හැදුවා

දෙවි අහසත් පොළොවත් හැදුවා

යෙහෝවා දෙවි තමයි අපිව හැදුවේ. අපිව විතරක් නෙවෙයි අපිට පේන දේවලුයි පේන්නේ නැති දේවලුයි හැම දේම හැදුවේ දෙවි. අපිට පේන්න තියෙන දේවල් හදන්න ඉස්සෙල්ලා දෙවි ගොඩක් දේවදූතයන්ව හැදුවා. අපිට දෙවිව පේන්නේ නැහැ වගේ එයාලවත් පේන්නේ නැහැ. යෙහෝවා දෙවි හදපු පළවෙනි දේවදූතයා තමයි හැම දේම හදන්න දෙවිට උදව් කළේ. තරු, ග්‍රහලෝක වගේ අනිත් හැම දේම හදද්දී ඒ දේවදූතයා උදව් කළා. ඒ එක ග්‍රහලෝකයක් තමයි අපේ මේ ලස්සන පොළොව.

ඊළඟට යෙහෝවා දෙවි මිනිසුන්ටයි සත්තුන්ටයි ඉන්න පුළුවන් විදිහට මේ පොළොව ලෑස්ති කළා. ඉර එළියත් දුන්නා. ලස්සන කඳු, මුහුදු, ගංඟාවල් හැදුවා.

ඊළඟට මොකද වුණේ කියලා දන්නවද? යෙහෝවා දෙවි කිව්වා ‘මම තණකොළත් පැළත් ගසුත් හදනවා’ කියලා. ඊටපස්සේ එක එක ජාතියේ පලතුරු, එළවළු, මල් වැවෙන්න පටන්ගත්තා. ඉඟිල්ලෙන, පීනන, බඩගාගෙන යන එක එක විදිහේ සත්තුන්වත් යෙහෝවා දෙවි හැදුවා. හාවෝ වගේ පුංචි සත්තුන්වත් අලි වගේ ලොකු සත්තුන්වත් හැදුවා. ඔයා වැඩියෙන්ම ආස මොන සතාටද?

ඉස්සෙල්ලාම හදපු දේවදූතයාට යෙහෝවා දෙවි කිව්වා ‘අපි මිනිසාව හදමු’ කියලා. මිනිසුන් සත්තුන්ට වඩා වෙනස්. එයාලට පුළුවන් හොඳට හිතලා දේවල් කරන්න. කතා කරන්න, හිනා වෙන්න, යාච්ඤා කරන්නත් පුළුවන්. පොළොවයි සත්තුන්වයි බලාගන්න දුන්නෙත් එයාලට.

“පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”—උත්පත්ති 1:1