Skip to content

පටුනට යන්න

3වෙනි පාඩම

ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණා

ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණා

දවසක් ඒව තනියම ඉද්දී සර්පයෙක් එයාගෙන් ඇහුවා ‘දෙවි උයනේ ගස්වලින් කන්න එපා කියපු එක ඇත්තද’ කියලා. එතකොට ඒව මෙහෙම කිව්වා. ‘එක ගහකින් විතරයි කන්න එපා කිව්වේ. ඒකෙන් කෑවොත් නම් අපි මැරෙනවා.’ එතකොට සර්පයා කිව්වේ මෙහෙමයි. ‘ඔයාලා මැරෙන්නේ නැහැ. ඒකෙන් කෑවොත් ඔයාලට දෙවි වගේ වෙන්න පුළුවන්.’ ඒක බොරුවක්. ඒව හිතුවා ඒක ඇත්ත කියලා. ඒ පලතුරු දිහා බලන්න බලන්න එයාට ඒක කන්නම හිතුණා. එයා ඒක කාලා ආදම්ටත් දුන්නා. ආදම් දැනගෙන හිටියා දෙවි එපා කියපු දේ කළොත් මැරෙන්න වෙනවා කියලා. ඒත් එයා ඒක කෑවා.

හවස යෙහෝවා දෙවි එයාලගෙන් ඇහුවා එහෙම කළේ ඇයි කියලා. ඒව කිව්වා සර්පයා නිසා කියලා. ආදම් කිව්වේ ඒව නිසා කියලා. අකීකරු වුණු නිසා දෙවි ආදම්වයි ඒවවයි උයනෙන් එළියට දැම්මා. එයාලට උයනට යන්න බැරි වෙන විදිහට දේවදූතයන්වත් ගිනිගන්න කඩුවකුත් ඇතුල් වෙන තැනින් තිබ්බා.

ඒ විතරක් නෙවෙයි ඒවට බොරු කියපු කෙනාටත් දඬුවම් දෙනවා කියලා යෙහෝවා දෙවි කිව්වා. යෙහෝවා දෙවි සර්පයන්ව හැදුවේ කතා කරන්න පුළුවන් විදිහට නෙවෙයිනේ. ඒ නිසා එදා ඇත්තටම ඒවට කතා කළේ සර්පයෙක් නෙවෙයි. සර්පයා කතා කරනවා වගේ කතා කළේ නරක දේවදූතයෙක්. ඒවව රවට්ටන්නයි එහෙම කළේ. ඒ දේවදූතයාට සාතන් කියලත් යක්ෂයා කියලත් කියනවා. ළඟදීම යෙහෝවා දෙවි සාතන්ව විනාශ කරනවා. ඊටපස්සේ කවදාවත් මිනිසුන්ව රවටන්න සාතන්ට බැහැ.

‘යක්ෂයා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්. ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ.’—යොහන් 8:44