Skip to content

පටුනට යන්න

4වෙනි පාඩම

කේන්තිය හරිම භයානකයි

කේන්තිය හරිම භයානකයි

ආදම්, ඒව ඒදන් උයනෙන් ගියාට පස්සේ ඒ දෙන්නට හුඟක් දරුවන් ලැබුණා. පළවෙනි පුතා කායින්. එයා කළේ එළවළු, පලතුරු වවන එක. දෙවෙනි පුතා ආබෙල්. එයා කළේ බැටළුවන්ව බලාගන්න එක.

දවසක් කායිනුයි ආබෙලුයි යෙහෝවා දෙවිට පූජා ඔප්පු කළා. පූජාවක් කියන්නේ දෙවිට දෙන විශේෂ තෑග්ගක්. ආබෙල්ගේ පූජාව ගැන යෙහෝවා දෙවි හුඟක් සතුටු වුණත් කායින් ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා කායින්ට හුඟක් කේන්ති ගියා. යෙහෝවා දෙවි කායින්ට කිව්වා එයා කේන්තියෙන් හිටියොත් නරක දෙයක් කරන්න හිතෙයි කියලා. ඒත් කායින් ඒක ඇහුවේ නැහැ.

කායින් ආබෙල්ට කිව්වා “අපි කෙතට යමු” කියලා. එහෙට ගියාට පස්සේ එයා ආබෙල්ට ගහලා මැරුවා. ඒ නිසා යෙහෝවා දෙවි කායින්ට දඬුවම් කළා. එයාව පවුලේ අයගෙන් ඈතට යැව්වා. ආයෙ කවදාවත් ගෙදර එන්න ඉඩ දුන්නේ නැහැ.

ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? අපි කැමති විදිහට දේවල් වෙන්නේ නැති වුණාම අපිට කේන්ති යන්න පුළුවන්. අපේ හිතේ තියෙන කේන්තිය වැඩි වෙනවා කියලා අපිට දැනුණොත් හරි වෙන කෙනෙක් අපිට ඒ ගැන කිව්වොත් හරි අපි ඉක්මනින්ම කේන්තිය නැති කරගන්න ඕනේ. නැත්නම් අපිත් කායින් වගේ වෙයි.

ආබෙල් යෙහෝවා දෙවිට ආදරේ කළා. හැම තිස්සෙම හරි දේ කළා. ඒ නිසා යෙහෝවා දෙවි කවදාවත් එයාව අමතක කරන්නේ නැහැ. දෙවි මුළු පොළොවම පාරාදීසයක් ඒ කියන්නේ ලස්සන උයනක් කරන කාලෙදී ආබෙල්ට ආයෙත් ජීවිතය දෙනවා.

මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න. ඉන්පසුව ඇවිත් පරිත්‍යාග කරන්න.මතෙව් 5:24