Skip to content

පටුනට යන්න

5වෙනි පාඩම

නෝවාගේ නැව

නෝවාගේ නැව

කාලයක් යද්දී පොළොවේ හුඟක් මිනිස්සු හිටියා. වැඩියෙන්ම හිටියේ නරක අය. ස්වර්ගයේ හිටිය සමහර දේවදූතයනුත් නරක දේවල් කරන්න පටන්ගත්තා. ඒ අය මිනිස්සු වගේ පොළොවට ඇවිත් ගැහැනු අයව විවාහ කරගත්තා.

එයාලට දරුවන් ලැබුණා. අනිත් මිනිසුන්ට වඩා ලොකු ශක්තියක් ඒ දරුවන්ට තිබුණා. ඒ අය අනිත් මිනිසුන්ට කරදර කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා ජලගැල්මක් ගෙනල්ලා නරක මිනිසුන්ව විනාශ කරනවා කියලා දෙවි හිතුවා.

හැබැයි හොඳ කෙනෙකුත් පොළොවේ හිටියා. එයාගේ නම නෝවා. එයාටයි එයාගේ බිරිඳටයි පුත්තු තුන්දෙනෙක් හිටියා. ඒ තමයි ෂෙම්, හාම්, යාෆෙත්. එයාලත් විවාහ වෙලයි හිටියේ. නෝවාගේ පවුලේ අයව ජලගැල්මෙන් බේරගන්න ඕන නිසා යෙහෝවා දෙවි නෝවාට කිව්වා ලොකු පෙට්ටියක් වගේ නැවක් හදන්න කියලා. හුඟක් සත්තුන්ව නැවට දාගන්න කියලත් දෙවි කිව්වා.

නෝවාත් එයාගේ පවුලේ අයත් ඉක්මනටම නැව හදන්න පටන්ගත්තා. ඒක හදන්න එයාලට අවුරුදු 50ක් විතර ගියා. එයාලා ඒ නැව හැදුවේ යෙහෝවා දෙවි කියපු විදිහටමයි. ජලගැල්මක් එන්න යනවා කියලා නෝවා අනිත් අයටත් කිව්වා. ඒත් කවුරුත් ඒක ඇහුවේ නැහැ.

අන්තිමේදී නෝවාට නැව ඇතුළට යන්න කාලේ ආවා. මොකද වුණේ කියලා අපි බලමු.

“මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි.”—මතෙව් 24:37