Skip to content

පටුනට යන්න

6වෙනි පාඩම

අලුත්ම පොළොවකට ආපු අටදෙනා

අලුත්ම පොළොවකට ආපු අටදෙනා

නෝවායි එයාගේ පවුලේ අයයි සත්තුයි නැව ඇතුළට ගියා. යෙහෝවා දෙවි නැවේ දොර වැහුවම වහින්න පටන්ගත්තා. මුළු පොළොවම වතුරෙන් පිරුණා. නරක මිනිස්සු හැමෝම මැරුණා. ඒත් නෝවායි පවුලේ අයයි බේරුණා. යෙහෝවා දෙවිට කීකරු වුණු එක ගැන එයාලා කොච්චර සතුටු වෙන්න ඇද්ද!

දවස් 40ක් එක දිගටම වැස්සා. වැස්ස නතර වුණාම වතුර ටික ටික බහින්න පටන්ගත්තා. නැව නතර වුණේ කන්දක් උඩ. ඒත් පොළොව වතුරෙන් යට වෙලා තිබුණු නිසා නැවේ හිටපු අයට එළියට එන්න බැරි වුණා.

නෝවායි එයාගේ පවුලේ අයයි නැව ඇතුළේ අවුරුද්දකට වඩා කාලයක් හිටියට පස්සේ යෙහෝවා දෙවි එයාලට කිව්වා නැවෙන් එළියට එන්න කියලා. නරක මිනිස්සු කවුරුත් නැහැ. ඒක හරියට අලුත්ම පොළොවක් වගෙයි. ජලගැල්මෙන් බේරගත්ත එක ගැන ස්තුති කරන්න එයාලා යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කළා.

යෙහෝවා දෙවි ඒ ගැන හුඟක් සතුටු වුණා. දෙවි පොරොන්දු වුණා ආයෙ කවදාවත් ජලගැල්මක් ගෙනල්ලා පොළොවේ තියෙන හැම දෙයක්ම විනාශ කරන්නේ නැහැ කියලා. ඒක මතක් වෙන්න දෙවි ලස්සන දේදුන්නක් හැදුවා. ඒක තමයි පළවෙනි දේදුන්න. ඔයා දේදුන්නක් දැකලා තියෙනවද?

යෙහෝවා දෙවි නෝවාටත් එයාගේ පවුලේ අයටත් කිව්වා දරුවන්ව හදලා මුළු පොළොවම පුරවන්න කියලා.

‘නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ජලගැල්ම ඇවිත් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් [මිනිසුන්] සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ.’—මතෙව් 24:38, 39