7වෙනි පාඩම
බාබෙල් කොත
ජලගැල්මට පස්සේ නෝවාගේ පුත්තුන්ට ගොඩක් ළමයි හිටියා. එයාලගේ පවුල් එන්න එන්න ලොකු වුණු නිසා යෙහෝවා දෙවි කියපු විදිහටම එයාලා පොළොවේ එක එක තැන්වලට ගිහින් පදිංචි වුණා.
ඒත් සමහර අය යෙහෝවා දෙවිට කීකරු වුණේ නැහැ. එයාලා මෙහෙම කතා වුණා. ‘අපි ලොකු නුවරක් හදලා මෙතන ඉමු. ඒකෙ අහස උසට කොතක් හදමු. එතකොට අපිට හුඟක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්.’ එයාලා හදන්න හැදුවේ උස ගොඩනැඟිල්ලක්.
ඊළඟ පාඩමෙන් බලමු.
ඒත් යෙහෝවා දෙවි ඒ වැඩේට කැමති වුණේ නැහැ. දෙවි ඒක නවත්තන්න හිතුවා. දන්නවද දෙවි කළේ මොනවද කියලා? ඒ කාලේ මිනිස්සු හැමෝම කතා කළේ එක භාෂාවක්. ඒත් දෙවි ඒක වෙනස් කළා. ඒ නිසා එක එක අය එක එක භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා. එක් කෙනෙක් කියන දේ අනිත් කෙනාට තේරෙන්නේ නැති නිසා ගොඩනඟන වැඩ නතර වුණා. හැම දෙයක්ම ‘අවුල්’ වුණු නිසා ඒ නගරයට කිව්වේ බාබෙල් කියලයි. පස්සේ එයාලා පොළොව පුරාම එක එක පළාත්වලට ගිහින් පදිංචි වුණා. ගිය ගිය තැන්වලත් එයාලා කළේ නරක වැඩ. ඒත් යෙහෝවා දෙවිට ආදරේ කරපු අයත් එයාලා අතරේ හිටියද? ඒ ගැන“උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”—ලූක් 18:14