Skip to content

පටුනට යන්න

21වෙනි පාඩම

දහවෙනි පීඩාව

දහවෙනි පීඩාව

මෝසෙස් පාරාවෝට කිව්වා ආයේ එයාව හම්බ වෙන්න එන්නේ නැහැ කියලා. ඒත් එයා යන්න කලින් පාරාවෝට මෙහෙම කිව්වා. ‘අද රෑ 12ට විතර ඊජිප්තුවේ ඉන්න හැම කුළුඳුල් දරුවෙක්ම මැරෙනවා.’

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. ‘අවුරුද්දක් වයස පිරිමි බැටළුවෙක්ව හරි එළුවෙක්ව හරි මරලා උගේ ලේ ගෙයි උළුවහුවල ගාන්න. ඊටපස්සේ උගේ මස් පුච්චලා මුහුන් දාපු නැති රොටි එක්ක කන්න. පාවහන් දාගෙන, යන්න ලෑස්ති වෙලා ඉන්න. මම අද රෑට ඔයාලව නිදහස් කරනවා.’ යෙහෝවා දෙවි එහෙම කිව්වම ඊශ්‍රායෙල්වරුන්ට කොච්චර සතුටු හිතෙන්න ඇද්ද!

එදා රෑ 12ට විතර යෙහෝවා දෙවිගේ දූතයා ඊජිප්තුවේ තිබුණු හැම ගෙදරකටම ගියා. උළුවස්සේ ලේ ගාලා තිබුණේ නැති ගෙවල්වල හිටිය කුළුඳුල් දරුවන් මැරුණා. ඒත් ලේ ගාලා තිබුණු ගෙවල් දේවදූතයා පහු කරගෙන ගියා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ කුළුඳුල් දරුවන් මැරුණේ නැහැ. හැබැයි ඊජිප්තුවරුන්ගේ හැම කුළුඳුල් දරුවෙක්ම මැරුණා.

පාරාවෝගේ කුළුඳුල් පුතාත් මැරුණා. පාරාවෝට තවත් නම් දරාගන්න පුළුවන් වුණේ නැහැ. ඉක්මනටම එයා මෝසෙස්ටයි ආරොන්ටයි මෙහෙම කිව්වා. ‘සත්තුන්වත් අරන් මෙහෙන් පිට වෙලා යන්න. ගිහින් ඔයාලගේ දෙවිට නමස්කාර කරන්න.’

හොඳට හඳ පායලා තිබුණු ඒ දවසේ ඊශ්‍රායෙල්වරු පවුල් විදිහටයි ගෝත්‍ර විදිහටයි ඊජිප්තුවෙන් එළියට ආවා. එතන පිරිමි ලක්ෂ හයකුයි ගැහැනු අයයි දරුවොයි ගොඩක් හිටියා. වෙන ජාතීන්වලට අයිති හුඟදෙනෙකුත් ආවා.

යෙහෝවා දෙවි එයාලව බේරගත්ත විදිහ මතක් කරගන්න එයාලා හැම අවුරුද්දෙම ඒ විශේෂ කෑම වේල ගත්තා. ඒකට කිව්වේ පාස්කුව කියලා.

“මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”—රෝම 9:17