Skip to content

පටුනට යන්න

36වෙනි පාඩම

යෙප්තා දීපු පොරොන්දුව

යෙප්තා දීපු පොරොන්දුව

ඊශ්‍රායෙල්වරු ආයෙත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. අම්මොන්වරු ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරද්දී ඒ බොරු දෙවිවරු එයාලට උදව් කළේ නැහැ. අවුරුදු ගාණක්ම එයාලා දුක් වින්දා. අන්තිමේදී එයාලා යෙහෝවා දෙවිට මෙහෙම කිව්වා. ‘අපි හුඟක් වැරදි කළා. අනේ අපිව සතුරන්ගෙන් බේරගන්න.’ ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරන්න හදපු රූප විනාශ කරලා යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලා දුක් විඳිනවාට යෙහෝවා දෙවි කැමති වුණේ නැහැ.

අම්මොන්වරුන් එක්ක කරපු සටනේ නායකයා විදිහට වැඩ කළේ දක්ෂ සටන්කරුවෙක් වුණු යෙප්තා. එයා යෙහෝවා දෙවිට මෙහෙම කිව්වා. ‘ඔබ අපිට මේ සටන දිනන්න උදව් කළොත් මං ගෙදර යද්දී මුලින්ම ගෙදරින් එළියට එන කෙනාව ඔබට කැප කරන්නම්.’ එයා ඉල්ලපු විදිහටම යෙහෝවා දෙවි සටන දිනන්න එයාට උදව් කළා.

යෙප්තා ගෙදර යද්දී මුලින්ම එළියට ආවේ එයාගේ එකම දරුවා. හරිම සතුටින් රබානකුත් අතේ තියන් නටනටා එන එයාගේ දුවව දැක්කම යෙප්තා මොනවා කරන්න ඇද්ද? දෙවිට දීපු පොරොන්දුව ගැන මතක් වෙලා එයා මෙහෙම කිව්වා. ‘අනේ මගේ දුවේ, ඔයා මොකක්ද මේ කළේ? මං යෙහෝවා දෙවිට පොරොන්දුවක් වුණා. ඒක ඉටු කරන්න නම් ෂීලෝවල තියෙන ශුද්ධ කූඩාරමේ සේවය කරන්න ඔයාව යවන්න වෙනවා.’ එතකොට දුව මෙහෙම කිව්වා. ‘තාත්තේ, ඔයා යෙහෝවා දෙවිට පොරොන්දුවක් වුණා නම් ඒක ඉටු කරන්න. ඒත් ඊට කලින් කඳුකරයට ගිහින් මගේ යාළුවන් එක්ක ඉන්න මට මාස දෙකක් දෙන්න.’ යෙප්තාගේ දුව හැම දවසකම ශුද්ධ කූඩාරමේ ඉඳන් දෙවිට විශ්වාසවන්තව සේවය කළා. එයාගේ යාළුවන් එයාව මුණගැහෙන්න හැම අවුරුද්දෙම එහෙට ගියා.

“මට වඩා පුතාටවත් දුවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි.”—මතෙව් 10:37