Skip to content

පටුනට යන්න

44වෙනි පාඩම

යෙහෝවා දෙවිට දේවමාලිගාවක්

යෙහෝවා දෙවිට දේවමාලිගාවක්

සලමොන් රජ වුණාට පස්සේ යෙහෝවා දෙවි එයාගෙන් ඇහුවා ‘ඔයාට මොනවද ඕනෙ’ කියලා. සලමොන් මෙහෙම කිව්වා. ‘මං තාම තරුණයි. කරන්න ඕනෙ මොනවද කියලා මං දන්නෑ. ඔබේ සෙනඟව බලාගන්න ප්‍රඥාව මට දෙන්න.’ එතකොට යෙහෝවා දෙවි මෙහෙම කිව්වා. ‘ඔයා ප්‍රඥාව ඉල්ලපු නිසා මං ඔයාව ප්‍රඥාවන්තම කෙනා කරනවා. ලොකු පොහොසතෙකුත් කරනවා. ඔයා මට කීකරු වුණොත් හුඟ කාලයක් ජීවත් වෙන්නත් පුළුවන් වෙයි.’

සලමොන් දේවමාලිගාව හදන්න පටන්ගත්තා. තියෙන හොඳම රත්තරන්, රිදී, ලී, ගල්වලින් එයා ඒක හැදුවා. හුඟක් දක්ෂ අය දහස් ගාණක් ඒක හදන්න මහන්සි වුණා. අවුරුදු හතකට පස්සේ දේවමාලිගාව යෙහෝවා දෙවිට කැප කරන්න පුළුවන් වුණා. පූජා ඔප්පු කරන්න හදලා තිබුණු පූජාසනය ඉස්සරහා දණගහලා සලමොන් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, මේ දේවමාලිගාව ඔබට ගැළපෙන තරම් ලොකුත් නෑ. ලස්සනත් නෑ. ඒත් අපේ නමස්කාරය පිළිගන්න. අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න.’ දේවමාලිගාව ගැනත් සලමොන් කරපු යාච්ඤාව ගැනත් යෙහෝවා දෙවිට හිතුණේ කොහොමද? සලමොන්ගේ යාච්ඤාව ඉවර වුණ ගමන්ම අහසින් ගින්නක් ඇවිත් පූජාසනයේ තිබුණු පූජාවන් පුච්චලා දැම්මා. යෙහෝවා දෙවි දේවමාලිගාව පිළිගත්ත එක ගැන ඊශ්‍රායෙල්වරු හුඟක් සතුටු වුණා.

සලමොන්ට තිබුණු ප්‍රඥාව ගැන දුර ඈත රටවල අයටත් ආරංචි වුණා. හුඟක් අය එයාලගේ ප්‍රශ්න විසඳගන්න ආවේ සලමොන් ළඟට. ෂෙබා රටේ රැජිනත් සලමොන්ගේ ප්‍රඥාව ගැන හොයලා බලන්න ආවා. එයා අහපු ප්‍රශ්නවලට සලමොන් දීපු උත්තර අහලා එයා මෙහෙම කිව්වා. ‘මිනිස්සු ඔයා ගැන කියපු දේවල් මං විශ්වාස කළේ නෑ. ඒත් එයාලා කිව්වට වඩා ඔයා ප්‍රඥාවන්තයි කියලා මං දැන් දන්නවා. ඔයාගේ දෙවි ඔයාට ආශීර්වාද කරලා.’ ඊශ්‍රායෙල්වරුන් හරිම සතුටින් ජීවත් වුණා. ඒත් ඒක වෙනස් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.

“බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් ඔබ අතරේම සිටියි.”—මතෙව් 12:42