Skip to content

පටුනට යන්න

76වෙනි පාඩම

යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා

යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා

ක්‍රි.ව. 30දී යේසුස් යෙරුසලමට එද්දී පාස්කුව පවත්වන්න හුඟක්දෙනෙක් එහෙට ඇවිත් තිබුණා. පාස්කුව පවත්වද්දී දේවමාලිගාවේ සත්තුන්ව පූජා කරපු නිසා සමහර අය යෙරුසලමට එද්දිම සත්තුන්ව අරන් ආවා. හැබැයි තවත් අය යෙරුසලමට ඇවිත් තමයි සත්තුන්ව ගත්තේ.

යේසුස් දේවමාලිගාවට ඇතුල් වෙද්දීම සත්තුන්ව විකුණන අයව දැක්කා. එයාලා දේවමාලිගාවේ ඇතුළේ ඉඳන්ම සල්ලි හම්බ කරනවා. යේසුස් ඒ වෙලාවෙම ලණුවලින් කසයක් හදලා බැටළුවන්වත් ගවයන්වත් එළවලා දැම්මා. මුදල් මාරු කරන අයගේ කාසි බිමට දාලා මේසත් පෙරළුවා. පරවියන් විකුණමින් හිටිය අයට යේසුස් මෙහෙම කිව්වා. ‘මේ දේවල් මෙහෙන් අයින් කරන්න! මගේ පියාගේ ගෘහය වෙළඳපොළක් කරන්න එපා.’

යේසුස් කරපු දේ ගැන එතැන හිටිය හැමෝම පුදුම වුණා. ‘යෙහෝවා දෙවිගේ ගෘහය ගැන මට ලොකු ළැදියාවක් තියෙනවා’ කියලා ගැලවුම්කරු ගැන තිබුණු අනාවැකිය යේසුස්ගේ ගෝලයන්ට මතක් වුණා.

ක්‍රි.ව. 33දී යේසුස් දෙවෙනි වතාවටත් දේවමාලිගාව පවිත්‍ර කළා. තාත්තාගේ ගෘහයට අගෞරව කරන්න යේසුස් කාටවත් ඉඩ දුන්නේ නැහැ.

“දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.”—ලූක් 16:13