Skip to content

පටුනට යන්න

100වෙනි පාඩම

පාවුල් සහ තිමෝති

පාවුල් සහ තිමෝති

ලිස්ත්‍රාවේ හිටියා තිමෝති කියලා තරුණයෙක්. එයාගේ තාත්තා ග්‍රීක ජාතිකයෙක්. අම්මා යුදෙව් ජාතිකයෙක්. අම්මාගේ නම යූනිස්. ආච්චිගේ නම ලොයිස්. අම්මායි ආච්චියි තිමෝතිට පොඩි කාලේ ඉඳන්ම යෙහෝවා දෙවි ගැන ඉගැන්නුවා.

පාවුල් එයාගේ දෙවෙනි සංචාරයේදී ලිස්ත්‍රාවට ගියාම එයා දැක්කා තිමෝති සහෝදරයන්ට ආදරෙන් සලකන, උදව් කරන්න ආස කෙනෙක් කියලා. ඒ නිසා පාවුල් තිමෝතිවත් එයත් එක්ක එක්කන් ගියා. එහෙම යන කොට දක්ෂ විදිහට දේශනා කරන්නත් උගන්වන්නත් පාවුල් තිමෝතිව පුහුණු කළා.

දෙවි එයාලට යන්න ඕනෙ කොහෙටද කියලා මඟ පෙන්නුවා. දවසක් රෑ පාවුල් දර්ශනයකින් දැක්කා මැසිඩෝනියාවේ කෙනෙක් එහෙට ඇවිත් එයාලට උදව් කරන්න කියලා පාවුල්ගෙන් ඉල්ලනවා. ඒ නිසා පාවුලුයි තිමෝතියි සීලසුයි එක්ක ලූක් එහෙට ගිහින් දේශනා කරලා එහෙ සභා පිහිටුවන්න උදව් කළා.

මැසිඩෝනියාවේ නගරයක් වුණු තෙසලෝනිකයේ හිටපු හුඟක් අය ක්‍රිස්තියානීන් වුණා. ඒ නිසා සමහර යුදෙව්වන් හිටියේ ඊර්ෂ්‍යාවෙන්. එයාලා සහෝදරයන්ව අල්ලගෙන නුවරේ පාලකයන් ළඟට අරන් ගිහින් කිව්වා ‘මේ ඉන්නේ රෝමයේ සතුරෝ’ කියලා. පාවුල්ගෙයි තිමෝතිගෙයි ජීවිත තිබුණේ අනතුරේ නිසා එයාලා එදා රෑම බෙරීයට ගියා.

බෙරීයේ හිටපු අයට ශුභාරංචිය ගැන දැනගන්න ලොකු ආසාවක් තිබුණා. එහෙ හිටපු ග්‍රීක ජාතිකයොයි යුදෙව්වොයි ක්‍රිස්තියානීන් වුණා. තෙසලෝනිකයේ හිටපු යුදෙව්වන් කීපදෙනෙක් ඇවිත් ප්‍රශ්න ඇති කරපු නිසා පාවුල් ඇතන්ස්වලට ගියා. ඒත් තිමෝතියි සීලසුයි බෙරීයේම ඉඳලා සහෝදරයන්ව දිරිගැන්නුවා. ටික කාලෙකට පස්සේ පාවුල් තෙසලෝනිකයේ දරුණු පීඩාවලට මුහුණ දෙන සහෝදරයන්ව දිරිගන්වන්න තිමෝතිව යැව්වා. පස්සේ කාලෙකදී පාවුල් තවත් හුඟක් සභාවන්වලට තිමෝතිව යවලා සහෝදරයන්ව දිරිගැන්නුවා.

පාවුල් තිමෝතිට කිව්වා ‘යෙහෝවා දෙවිට සේවය කරන්න කැමති හැමෝටම පීඩා විඳින්න වෙනවා’ කියලා. කිව්වා වගේම තිමෝතිට හුඟක් පීඩා ආවා. හිරේ ඉන්නත් වුණා. ඒත් තිමෝති ඒවා සැලකුවේ දෙවිට එයාගේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න ලැබුණු අවස්ථාවන් විදිහටයි.

පාවුල් ෆිලිප්පිවරුන්ට මෙහෙම කිව්වා. ‘මං ඔයාලා ළඟට තිමෝතිව එවනවා. දිගටම දෙවිට කීකරුව ඉන්න එයා ඔයාලට උදව් කරයි. හොඳින් සේවය කරන්නත් ඔයාලව පුහුණු කරයි.’ ඒ දේ තිමෝති හරියටම කරයි කියලා පාවුල් දැනගෙන හිටියා. ඒ දෙන්නා අවුරුදු ගාණක්ම හොඳ යාළුවන් විදිහට දෙවිට සේවය කළා.

“ඔහුට සමාන ගතිලක්ෂණ ඇති, ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය. ඔහු ඔබ වෙතට පැමිණ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වයි කියා මට විශ්වාසයි. අන් සියලුදෙනාම තම තමන්ට වුවමනා දේ පසුපස හඹා යති. ඔවුහු ක්‍රිස්තුස් යේසුස්ට සේවය කිරීම ගැන උනන්දු වන්නේ නැත.”—ෆිලිප්පි 2:20, 21