Skip to content

පටුනට යන්න

103වෙනි පාඩම

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

යෙහෝවා දෙවි මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා: ‘හැඬීම, වේදනාව, ලෙඩ රෝග, මරණය තවත් තියෙන්නේ නැහැ. ඇස්වලින් හැම කඳුළක්ම පිසදානවා. කලින් සිද්ධ වුණු හැම නරක දෙයක්ම අමතක වෙනවා.’

යෙහෝවා දෙවි ආදම්වයි ඒවවයි ඒදන් උයනේ පදිංචි කළේ සතුටින් ජීවත් වෙන්න. එයාලා දෙවිට නමස්කාර කරන ගමන් මුළු පොළොවම දරුවන්ගෙන් පුරවයි කියලා දෙවි බලාපොරොත්තු වුණත් එයාලා දෙවිට අකීකරු වුණා. ඒත් දෙවිගේ අරමුණ වෙනස් වුණේ නැහැ. දෙවි දෙන පොරොන්දු ඉටු කරනවා කියලා අපි මේ පොතෙන් දැක්කා. දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වුණා වගේම දෙවිගේ රාජ්‍යයෙන් මුළු පොළොවටම ආශීර්වාද ලැබෙනවා.

ළඟදීම සාතනුයි භූතයනුයි නරක මිනිස්සුයි නැති වෙනවා. හැමෝම නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට. කවුරුත් ලෙඩ වෙන්නේවත් මැරෙන්නේවත් නැහැ. හැම උදේකම නැඟිටිද්දී අපිට ලොකු ශක්තියක් සතුටක් දැනෙයි. පොළොව ලස්සන උයනක් වෙනවා. හැමෝටම ඇති තරම් කෑම, ගෙවල් තියෙනවා. හැමෝම අනිත් අයට ආදරෙන් සලකනවා. නරක වැඩ කරන කවුරුත් නැහැ. අපි සත්තුන්ටත් සත්තු අපිටත් බය වෙන්නේ නැහැ.

මැරුණු අයට යෙහෝවා දෙවි ජීවිතය දෙද්දී අපිට කොච්චර සතුටක් දැනෙයිද! ආබෙල්, නෝවා, ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රූත්, එස්තර්, දාවිත් වගේ අයට ආයෙත් ජීවිතය ලැබුණම එයාලා එක්ක කතා කරන්න අපිට පුළුවන්. එයාලත් අපි එක්ක එකතු වෙලා මේ පොළොව ලස්සන උයනක් කරයි. හැමදාම සතුටින් කරන්න ගොඩක් වැඩ එදාට තියෙයි.

යෙහෝවා දෙවිට ඕනෙ ඔයාත් එදාට එතැන ඉන්නවා දකින්න. එදාට ඔයාට පුළුවන් වෙයි යෙහෝවා දෙවි ගැන තවත් දේවල් ඉගෙනගන්න. ඒ නිසා දැනුත් සදාකාලයටමත් යෙහෝවා දෙවිට අපි තව තවත් ළං වෙමු!

“අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”—එළිදරව් 4:11