Skip to content

පටුනට යන්න

1වෙනි කොටසට හැඳින්වීම

1වෙනි කොටසට හැඳින්වීම

යෙහෝවා දෙවි අහසෙත් පොළොවෙත් නිර්මාණය කරපු ලස්සන දේවල් ගැන වාර්තාවකින් බයිබලය පටන්ගන්නවා. දෙවිගේ නිර්මාණවල විවිධත්වය තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ සත්තුන්ට වඩා උසස් විදිහට කියලා දරුවාට කාවද්දන්න. කතා කරන්න, හිතලා දේවල් කරන්න, නිර්මාණය කරන්න, සින්දු කියන්න, යාච්ඤා කරන්න මිනිසුන්ට පුළුවන් ඒ නිසයි. යෙහෝවා දෙවිගේ බලය, ප්‍රඥාව, විශේෂයෙන්ම අපි එක් එක් කෙනා ඇතුළු දෙවිගේ නිර්මාණ ගැන දෙවිට තියෙන ආදරය ගැන ලොකු අගයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න.

මේ කොටසේ

1වෙනි පාඩම

දෙවි අහසත් පොළොවත් හැදුවා

බයිබලයේ කියනවා දෙවි අහසත් පොළොවත් හැදුවා කියලා. ඔයා දන්නවද අනිත් හැම දේම හදන්න කලින් දෙවි එක දේවදූතයෙක්ව හැදුවේ ඇයි කියලා?

2වෙනි පාඩම

දෙවි පළවෙනි මිනිසාවයි ගැහැනියවයි හැදුවා

දෙවි පළවෙනි මිනිසාවයි ගැහැනියවයි හදලා ඒදන් උයනේ පදිංචි කළා. දරුවන්ව හදලා මුළු පොළොවම පාරාදීසයක් කරන්න කියලා දෙවි එයාලට කිව්වා.