Skip to content

පටුනට යන්න

2වෙනි කොටසට හැඳින්වීම

2වෙනි කොටසට හැඳින්වීම

යෙහෝවා දෙවි ජලගැල්මක් ගෙනල්ලා මිනිසුන්ව විනාශ කළේ ඇයි? මිනිස් ඉතිහාසයේ ආරම්භයේ ඉඳන්ම යහපත, නපුර අතර ලොකු සටනක් තිබුණා. ආදම්, ඒව, කායින් වගේ අය තෝරගත්තේ නපුරු දේ. ඒත් ආබෙල්, නෝවා වගේ ටිකදෙනෙක් තෝරගත්තේ යහපත් දේ. මිනිසුන් වැඩිදෙනෙක් ගොඩක් නපුරු විදිහට වැඩ කරපු නිසා යෙහෝවා දෙවි ඒ දුෂ්ට මිනිස් සමාජය විනාශ කළා. අපි ඉන්නේ මොන පැත්තෙද කියලා යෙහෝවා දෙවි දකිනවා කියලත් ඔහු කවදාවත් හොඳ පරාජය කරන්න නරකට ඉඩ දෙන්නේ නැහැ කියලත් තේරුම්ගන්න මේ කොටස අපිට උදව් වෙයි.

මේ කොටසේ

3වෙනි පාඩම

ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණා

ඒදන් උයනේ තිබුණු එක ගහක් විශේෂ වුණේ ඇයි? ඒව ඒකෙන් කෑවේ ඇයි?

4වෙනි පාඩම

කේන්තිය හරිම භයානකයි

දෙවි ආබෙල්ගේ පූජාව පිළිගත්තත් කායින්ගේ පූජාව පිළිගත්තේ නැහැ. කායින්ට හුඟක් කේන්ති ගිය නිසා හුඟක් නරක දෙයක් කළා.

5වෙනි පාඩම

නෝවාගේ නැව

නරක දේවදූතයන් ගැහැනු අයව විවාහ කරගත්තාම ලැබුණු දරුවන් ලොකු වෙලා යෝධයන් වුණා. නරක දේවල් හැම තැනම පැතිරුණා. හැබැයි දෙවිට ආදරෙන් හිටිය නෝවා දිගටම දෙවිට කීකරු වුණා.

6වෙනි පාඩම

අලුත්ම පොළොවකට ආපු අටදෙනා

දවස් 40ක් දවල් රෑ එක දිගට වැස්ස නිසා ජලගැල්මක් ඇති වුණා. නෝවායි පවුලේ අයයි අවුරුද්දකට වැඩි කාලයක් නැවේ හිටියා. අන්තිමේදී එයාලට නැවෙන් එළියට එන්න පුළුවන් වුණා.