Skip to content

පටුනට යන්න

3වෙනි කොටසට හැඳින්වීම

3වෙනි කොටසට හැඳින්වීම

ජලගැල්මට පස්සේ යෙහෝවා දෙවිට සේවය කරපු අය හිටියේ හරිම ටිකදෙනයි. ආබ්‍රහම් ඒ අයගෙන් කෙනෙක්. එයාට කිව්වේ යෙහෝවා දෙවිගේ යාළුවා කියලා. යෙහෝවා දෙවි දරුවා ගැන සැලකිලිමත් කියලත් එයාට උදව් කරන්න දෙවි කැමැත්තෙන් ඉන්නවා කියලත් තේරුම්ගන්න එයාට උදව් කරන්න. ආබ්‍රහම්, ලොත්, යාකොබ් කළා වගේ බය නැතුව යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න අපිටත් පුළුවන්. දෙවි දෙන හැම පොරොන්දුවක්ම ඔහු ඉටු කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.

මේ කොටසේ

7වෙනි පාඩම

බාබෙල් කොත

ලොකු නගරයකුයි අහස උසට කොතකුයි හදන්න මිනිසුන්ට ඕන වුණා. ඒත් මිනිසුන් කතා කරපු භාෂාව දෙවි වෙනස් කළේ ඇයි?

8වෙනි පාඩම

ආබ්‍රහම් සහ සාරා දෙවිට කීකරු වුණා

ආබ්‍රහම්, සාරා එයාලා ජීවත් වුණු දේශය දාලා කානාන් දේශයේ තාවකාලික පදිංචිකරුවන් විදිහට ආවේ ඇයි?

9වෙනි පාඩම

පුතෙක් ලැබිලා!

ආබ්‍රහම්ට දීපු පොරොන්දුව දෙවි කොහොම ඉටු කරයිද? ඒක ඉටු වෙන්නේ ඊසාක්ගෙන්ද? ඉෂ්මායෙල්ගෙන්ද?

10වෙනි පාඩම

ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්

දෙවි සොදොම්, ගොමෝරා නගරවලට ගිනි සහ ගෙන්දගම් වහින්න සැලැස්සුවා. ඒ නගර විනාශ වුණේ ඇයි? අපි ලොත්ගේ බිරිඳට වුණු දේ මතක තියාගන්න ඕන ඇයි?

11වෙනි පාඩම

විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි

‘ඔයාගේ එකම පුතාව මොරියා කන්දට එක්කන් ගිහින් මට පූජා කරන්න’ කියලා දෙවි ආබ්‍රහම්ට කිව්වා. ආබ්‍රහම් එයාගේ විශ්වාසය ඔප්පු කරලා පෙන්වයිද?

12වෙනි පාඩම

උරුමය ලැබුණේ යාකොබ්ට

ඊසාක්ටයි රෙබෙකාටයි නිවුන් පිරිමි ළමයි දෙන්නෙක් හිටියා. ඒසව් මුලින්ම ඉපදුණු නිසා උරුමය ලැබෙන්න තිබුණේ එයාට. එයා ඒක රතු ව්‍යංජනයකට වික්කේ ඇයි?

13වෙනි පාඩම

යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා

යාකොබ් දේවදූතයාගෙන් ආශීර්වාද ලබාගත්තේ කොහොමද? එයා ඒසව් එක්ක සමාදාන වුණේ කොහොමද?