Skip to content

පටුනට යන්න

4වෙනි කොටසට හැඳින්වීම

4වෙනි කොටසට හැඳින්වීම

මේ කොටසේ යෝසෙප්, යෝබ්, මෝසෙස් වගේම ඊශ්‍රායෙල්වරු ගැනත් කතා කරනවා. එයාලට සාතන්ගෙන් හුඟක් පීඩා ආවා. සමහරුන්ට අසාධාරණකම් විඳින්නත් සිරගත වෙන්නත් වහලුන් විදිහට ඉන්නත් මැරෙන්නත් සිද්ධ වුණා. ඒත් යෙහෝවා දෙවි එයාලව ආරක්ෂා කළා. මොන පීඩා ආවත් එයාලට දිගටම විශ්වාසවන්තව ඉන්න පුළුවන් වුණේ කොහොමද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න.

තමන් ඊජිප්තුවේ දෙවිවරුන්ට වඩා බලවත් කියලා පෙන්වන්න යෙහෝවා දෙවි පීඩා දහයක් ගෙනාවා. යෙහෝවා දෙවි අතීතයේදී ඔහුගේ සෙනඟව ආරක්ෂා කරපු විදිහත් මේ කාලයේදී ඒ දේ කරන විදිහත් කාවද්දන්න.

මේ කොටසේ

14වෙනි පාඩම

දෙවිට කීකරු වුණු දාසයෙක්

යෝසෙප් හරි දේ කළත් දුක් විඳින්න වුණා. ඒ ඇයි?

15වෙනි පාඩම

යෙහෝවා දෙවි යෝසෙප්ව අමතක කළේ නැහැ

යෝසෙප් පවුලේ අයගෙන් හුඟක් ඈතක හිටියත් යෙහෝවා දෙවි එයා ළඟින්ම ඉන්නවා කියලා ඔප්පු කළා.

16වෙනි පාඩම

යෝබ් කියන්නේ කාටද?

අමාරු තත්වයන් යටතේදී වුණත් යෝබ් යෙහෝවා දෙවිට කීකරු වුණා.

17වෙනි පාඩම

මෝසෙස් යෙහෝවා දෙවිට සේවය කරන්න තෝරගත්තා

මෝසෙස්ගේ අම්මා නුවණැතිව වැඩ කරපු නිසා පුංචි මෝසෙස් බේරුණා.

18වෙනි පාඩම

ගිනි ගනිමින් තිබුණු පඳුරක්

පඳුර ගිනිගත්තත් පිච්චුණේ නැත්තේ ඇයි?

19වෙනි පාඩම

පළවෙනි පීඩා තුන

පාරාවෝ, දෙවිට කීකරු වෙන්නේ නැතුව උඩඟු වුණු නිසා එයාගේ සෙනඟට ගොඩක් කරදර විඳින්න වුණා.

20වෙනි පාඩම

ඊළඟ පීඩා හය

මේ පීඩාවන් පළවෙනි පීඩා තුනට වඩා වෙනස් වුණේ කොහොමද?

21වෙනි පාඩම

දහවෙනි පීඩාව

මේ පීඩාව කොච්චර දරුණු වුණාද කියනවා නම් උඩඟු පාරාවෝ එයාගේ තීරණේ වෙනස් කළා.

22වෙනි පාඩම

රතු මුහුද දෙකට බෙදිලා!

පීඩා දහයෙන් පාරාවෝ බේරුණත් රතු මුහුද මැදදී එයා බේරුණාද?