Skip to content

පටුනට යන්න

5වෙනි කොටසට හැඳින්වීම

5වෙනි කොටසට හැඳින්වීම

රතු මුහුද මැදින් ඇවිත් මාස දෙකකට පස්සේ ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟට ආවා. එතනදී තමයි යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව තමන්ට අයිති සෙනඟ හැටියට තෝරගන්නවා කියලා ගිවිසුමක් ඇති කරගත්තේ. දෙවි එයාලව ආරක්ෂා කරලා ඕනෙ කරන හැම දේම දීලා බලාගත්තා. කෑමට මන්නා දුන්නා, එයාලගේ ඇඳුම් දිරුවේ නැහැ, ආරක්ෂිත තැනක ජීවත් වෙන්න ලැබුණා. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට නීතිය, ශුද්ධ කූඩාරම, පූජකයන් දුන්නේ ඇයි කියලා දරුවාට කියලා දෙන්න. පොරොන්දු ඉටු කරන එක, නිහතමානී වෙන එක, හැම වෙලේම දෙවිට ළැදිව ඉන්න එක කොච්චර වටිනවාද කියලා කාවද්දන්න.

මේ කොටසේ

23වෙනි පාඩම

යෙහෝවා දෙවිට වුණු පොරොන්දුව

ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟ රැස් වුණු වෙලේ දෙවිට පොරොන්දුවක් දුන්නා.

24වෙනි පාඩම

පොරොන්දුව කඩ කළා

මෝසෙස්ට දසපනත ලැබෙද්දී ඊශ්‍රායෙල්වරු බරපතළ පාපයක් කරලා

25වෙනි පාඩම

නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමක්

ශුද්ධ කූඩාරමේ තමයි ගිවිසුම් පෙට්ටිය තිබුණේ

26වෙනි පාඩම

තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා

කානාන් දේශයේ තොරතුරු හොයන්න ගිය යොෂුවා, කාලෙබ් කියපු තොරතුරු අනිත් දහදෙනා කියපු තොරතුරුවලට වඩා වෙනස්.

27වෙනි පාඩම

යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැහුවා

කෝරා, දාතාන්, අබිරාම් ඇතුළු 250දෙනෙක් යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගත්තේ නැහැ

28වෙනි පාඩම

බූරුවෙක් කතා කරයි

බාලාම් දැකපු නැති කෙනෙක්ව බූරුවා දැක්කා.